දැන් දුන්නොත් දැන් රට බාරගන්නවා. ඩොලර් ප්‍රශ්නය පැය ගාණෙන් විසඳනවා – දිලිත්

සටහන – රුවන් නෙළුගොල්ල

අවස්ථාව ලැබෙන්නේ නම් මේ මොහොතේ වුවත් රට භාරගැනීමට තමන් සූදානම් බවත් පවතින ආර්ථික අර්බුදය සඳහා විසඳුම් තමන් සතු බවත් සර්වජන බලය පක්ෂයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර මහතා පවසයි.

“වැඩ පිළිවෙලක් නැතුව වැඩේ භාරගන්න නරකයි. දැන් හැබැයි අපිට දැන් දුන්නොත් දැන් කරනවා. අද දුන්නොත් අද කරලා පෙන්නනවා. ඒක කරන්න, ඕනෑම සංකීර්ණ ප්‍රශ්නයක මුලට ගියොත් ඒක ඉතාම සරලයි. දැන් තියෙන ප්‍රශ්නේ මේ ඩොලර් එක මත එන පීඩනය අංක එක. ඒක පිළිගන්නට ඕන. මේක තමයි අංක එක. දැන් අපේ ආර්ථිකයට එන පීඩනය මේක. දැන් මේක කළමනාකරණය කරගන්න නම් පළවෙනියටම කරන්න ඕන මොකක්ද මේ අවස්ථාවේදී සැබෑ, අවංක, විශ්වාසවන්ත, දෙබසක් ජනතාව ඒක අරඹන්නට ඕනේ. මොකද අද නැතිවෙලා තියෙන්නේ මේ රටට නායකත්වය ගැන තියෙන විශ්වාසය මිසක් ඩොලර් නෙමෙයි. ගොඩනැගිය යුතු මේ විශ්වාසය ගොඩනගන්නට පුළුවන් පැය ගානක් ඇතුලත. සත්‍ය කතා කරලා ජනතාවත් එක්ක සංවාදයකට යන්නට ඕන. දැන් නැවතත් පාරම්බානවා නම් නැවතත් ඩොලර් නැතිවීමට හේතුව වෙන කවුරුහරි කෙනෙක් කියලා කියනවා නම් ඒක ගොඩ දාන්න බැහැ.ඒක අංක එක.

අනිත් එක තමයි ණය හිමියන්ට ඕන විදියකට ව්‍යාපාරයක් පවත්වාගෙන ගියොත් හරියට බැංකුව, බැංකුවට ඕන විදියට අපි ව්‍යාපාරය කරගෙන යනවා වගේ. අපි තේරුම් ගන්නට ඕන අපේ ණය හිමියන් අපිට වඩා අසරණ තත්ත්වයක ඉන්නවා. අපෙන් ණය අය කර ගැනීම එතකොට මේ එක තමයි අපි පාවිච්චි කරලා නැත්තේ. මම අයි. එම්. එෆ්. විරෝධියෙක් නෙමෙයි. නමුත් මම කියන්නේ අයි. එම්. එෆ්. එක මේ ගෙනියන ප්‍රෝග්‍රෑම් එක තුල තමයි අපි මේ තත්ත්වයට පත් වෙලා තියෙන්නේ. ඒක කරගන්නට තරම් වූ ශක්තියක්, පෞරුෂයක්, දැනීමක් නොමැති වීමෙන් තමයි මේ අද අර්බුදයට ලොකුම හේතුව”

දිලිත් ජයවීර මහතා මේ බව පැවසුවේ ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවරදී සර්වජන බලයේ පාක්ෂිකයින් සමග පැවැත්වූ විශේෂ හමුවකට එක්වෙමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකා කණ්ඩායමෙන් එංගලන්තයට එරෙහිව ඓතිහාසික ජයක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 22, කොළඹ LNW : පාකිස්තානයේ පැවති තුන්කොන්...

PHP අර්බුදය සහ විනාශයක් නොවී සිදු වූ විශාලතම සයිබර් කලබලය

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 22, කොළඹ LNW : ලොව පුරා වෙබ්...

අග්නිදිග ආසියාව විෂ දුමාරයෙන් වැසෙයි: පරිසර දූෂකයන්ට එරෙහිව නීතිමය පියවර ගන්නැයි ඉල්ලීම්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 22 : අග්නිදිග...