බංග්ලාදේශයේ සරම්ප රෝගය සිඝ්‍රයෙන් ඉහළට; මියගිය දරුවන් සංඛ්‍යාව 500 ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණි
මැයි 27; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ):
2026 මාර්තු මාසයේ සිට බංග්ලාදේශයේ සරම්ප රෝගයට ගොදුරු වූ බවට සැක කෙරෙන සහ තහවුරු කරන ලද දරුවන් 500කට අධික සංඛ්‍යාවක් මියගොස් ඇති බවත්, සරම්ප රෝගයට ගොදුරු වූ බවට සැක කෙරෙන රෝගීන් සංඛ්‍යාව 60,000 කට වඩා වැඩි වී ඇති බවත් වාර්තා වේ.

බොහෝ දෙනෙක් රසායනාගාරයෙන් ප්‍රතිඵල බලාපොරොත්තුවෙන් සිටින බැවින් නිශ්චිත සංඛ්‍යාව තහවුරු කර නොමැත.

බංග්ලාදේශ සෞඛ්‍ය අමාත්‍යංශයට අනුව, මේවන විට රෝගය පැතිරීම මන්දගාමී කිරීමට සහ ජීවිත බේරා ගැනීමට රජය මහා එන්නත් කිරීමේ ව්‍යාපාරයක් පවත්වාගෙන යන අතර රෝගය සිඝ්‍රයෙන් ඉහළයාම හේතුවෙන් වෛරසය ඇති අයට ප්‍රතිකාර කරන වෛද්‍යවරුන් සහ හෙදියන්ගේ ඊද් නිවාඩු නිවාඩු අවලංගු කර තිබේ.

ඉතා බෝවන රෝගයක් වන සරම්ප රෝගය කැස්ස සහ කිවිසුම් යාම හරහා ඉක්මනින් පැතිරෙන අතර වයස අවුරුදු 5 ට අඩු එන්නත් නොකළ කුඩා දරුවන්ට විශේෂයෙන් භයානක වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකා කණ්ඩායමෙන් එංගලන්තයට එරෙහිව ඓතිහාසික ජයක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 22, කොළඹ LNW : පාකිස්තානයේ පැවති තුන්කොන්...

PHP අර්බුදය සහ විනාශයක් නොවී සිදු වූ විශාලතම සයිබර් කලබලය

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 22, කොළඹ LNW : ලොව පුරා වෙබ්...

අග්නිදිග ආසියාව විෂ දුමාරයෙන් වැසෙයි: පරිසර දූෂකයන්ට එරෙහිව නීතිමය පියවර ගන්නැයි ඉල්ලීම්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 22 : අග්නිදිග...