ආශිකා බ්රාහ්මණ
කොළඹ LNW:රුපියල අවප්රමාණය මෙන්ම පොළී අනුපාත වැඩි වීම සම්බන්ධයෙන් තමන් මීට සති දෙකකට පමණ පෙර පැවසූ අතර වාහන ආනයනය සම්බන්ධයෙන් අද ඇතිව තිබෙන තත්ත්වය පිළිබඳ මීට මාස 15කට පෙරම පැවසූ බව හිටපු මුදල් අමාත්යවරයෙක් වන රවී කරුණානායක පැවසුවේය.
රටේ මූල්ය පද්ධතියේ හැසිරීම සම්බන්ධයෙන් ප්රායෝගික අත්දැකීමක් පවතින විට මෙවැනි පුරෝකථනයන් කිරීමට සාස්තරකරුවන් විය යුතු නැති බවයි ඔහු සඳහන් කළේ.
කෙසේවෙතත් පවතින මෙම ආර්ථික වටපිටාව තුළ ශ්රී ලංකා මහ බැංකුවේ වගවීම සම්බන්ධයෙන් සතුටු විය නොහැකි බවයි රවී කරුණානායක මහතා පෙන්වා දුන්නේ.
පොළී අනුපාත එක ප්රතිශතයක් වැඩි වීම යනු ඩොලර් බිලියන 200-225ක අතර ප්රමාණයකින් ණය ගෙවීම් ඉහළ යන අතර අවසාන වශයෙන් එය ගෙවීමට සිදුවන්නේද මහජනතාවට බව හෙතෙම අවධාරණය කරන ලදී.


