යෝෂිත රාජපක්ෂට විදෙස්ගත වීම සඳහා අත්යාවශ්යම අවස්ථාවක් යෙදී ඇති බැවින් ඔහුට පනවා ඇති විදෙස් ගමන් තහනම තාවකාලිකව ඉවත් කරන ලෙස ඉල්ලීමක් ඔහුගේ නීතීඥවරුන් විසින් ඊයේ (27) හෝමාගම මහාධිකරණයට ඉදිරිපත් කර තිබේ.
ඒ, මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ ඔහුට එරෙහිව ගොනුකර ඇති නඩුව පූර්ව නඩු විභාග කටයුතු සඳහා ඊයේ කැඳවූ අවස්ථාවේදී ය.
එහිදී අධිකරණය නියම කළේ යෝෂිත රාජපක්ෂගේ ළඟම ඥාතියකුගේ විදෙස් ගමන් බලපත්රයක් සහ එම ඥාතියා ඇපයක් ලෙස ඉදිරිපත් කළහොත් අදාළ විදෙස් ගමන් තහනම මීළඟ නඩු දිනය තෙක් තාවකාලිකව ඉවත් කිරීමට යි.


