Lionel Messi 2026 ලෝක කුසලාන ආර්ජන්ටිනා සංචිතයේ නායකත්වයට…

රෂිකා හෙන්නායක මැයි 29 ,ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):

2026 පාපන්දු ලෝක කුසලානය සඳහා නම් කරන ලද ආර්ජන්ටිනා සංචිතය පිළිබඳ විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

සුපිරි ක්‍රීඩක Lionel Messi සිය හයවන ලෝක කුසලානය සඳහා සහභාගී වෙමින් කණ්ඩායමේ නායකත්වය දරන බව පුහුණුකරු ලියොනල් ස්කලෝනි මෙහිදී තහවුරු කර ඇත.

මෑතකදී ඇති වූ ආබාධ තත්ත්වයක් හේතුවෙන් මෙසීගේ සහභාගීත්වය පිළිබඳ සැක මතු වුවද, ඔහුගේ තත්ත්වය බරපතල නොවන බව වාර්තා වේ.

මෙම සංචිතයට පසුගිය වර ජයග්‍රහණය ලැබූ ක්‍රීඩකයින් දහහත් දෙනෙකු ඇතුළත් වන අතර, ප්‍රබල ක්‍රීඩක ක්‍රිස්ටියන් රොමේරෝ ද කණ්ඩායමට කැඳවා තිබේ.

එහෙත් ෆ්‍රැන්කෝ මස්තන්ටුඕනෝ සහ පාවුලෝ ඩිබාලා වැනි කැපී පෙනෙන ක්‍රීඩකයින් කිහිප දෙනෙකුට මෙවර අවස්ථාව අහිමි වී ඇත.

ඇමරිකාව, කැනඩාව සහ මෙක්සිකෝව සත්කාරකත්වය දරන මෙම තරගාවලියේදී ආර්ජන්ටිනාව සිය ශූරතාව ආරක්ෂා කර ගැනීම සඳහා තරග වැදීමට සූදානම් වෙයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකා කණ්ඩායමෙන් එංගලන්තයට එරෙහිව ඓතිහාසික ජයක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 22, කොළඹ LNW : පාකිස්තානයේ පැවති තුන්කොන්...

PHP අර්බුදය සහ විනාශයක් නොවී සිදු වූ විශාලතම සයිබර් කලබලය

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 22, කොළඹ LNW : ලොව පුරා වෙබ්...

අග්නිදිග ආසියාව විෂ දුමාරයෙන් වැසෙයි: පරිසර දූෂකයන්ට එරෙහිව නීතිමය පියවර ගන්නැයි ඉල්ලීම්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 22 : අග්නිදිග...