ජනපති රනිල් ජනමත විචාරණයකට සැරසෙයි ?

Date:

නව ත්‍රස්ත විරෝධි පනතක් ගෙන ඒමටත්, මැතිවරණ ක්‍රමය සංශෝධනය කිරීමටත් අවශ්‍ය දේශපාලන එකඟතාවයන් සහිතව කටයුතු කරන බවත් ඒ වෙනුවෙන් මාස 06ක කාලයක් සියලු පක්ෂ වෙනුවෙන් ලබා දී ඇති බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

කෙසේවෙතත් එය ඒ ආකාරයෙන් සිදු නොවනවා නම් ජනමත විචාරණයක් මගින් රටේ අදහස විමසා ප්‍රජාතන්ත්‍රවාදීව කටයුතු කරන බවත් පැවසූ ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ දේශපාලන පක්ෂවලට මුවාවී මෙම කරුණු සදහටම කල් දැමිය නොහැකි බවයි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව පැවසුවේ ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වන අමෙරිකානු නියෝජිත ආයතනයේ ප්‍රධානී සමන්තා පවර් මහත්මිය ඊයේ (11) හමුවූ අවස්ථාවේදී ය.

ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කිරීමට ගෙන ඇති පියවර පිළිබඳව ද අදහස් දැක්වූ ජනාධිපතිවරයා 22 වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන බවත්, පරිපාලනය වෙනුවෙන් පළමු කැබිනට් අත් පොත හඳුන්වාදීමට නියමිත බවත්, ඒ අනුව කැබිනට් මණ්ඩලයේ ඉදිරි කටයුතු සම්බන්ධයෙන් ක්‍රියා පරිපාටින් ස්ථාපිත කර ඇති බවත් ඒ මහතා එහිදී පැවසීය.

පාර්ලිමේන්තු අධීක්ෂණ කමිටු නැවත සක්‍රීය කිරීමට පියවර ගෙන ඇති අතර ඒ වෙනුවෙන් එක්සත් ජනපදයේ ද සහාය අපේක්ෂා කරන බව ද වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.

බැංකු ක්ෂේත්‍රය සාපේක්ෂ දුර්වලතාවයන් සහිතව ගෙන යන අතර එහෙයින් රාජ්‍ය ගිණුම් පිළිබඳ කාරක සභාව, රාජ්‍ය ව්‍යවසාය පිළිබඳ ක්‍රම කමිටුව, බැංකු හා මූල්‍ය පිළිබඳ කමිටුව ඇතුළත් ආර්ථික කමිටු සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳ කාරක සභාව නිර්මාණය කිරීමට පියවර ගන්නා බව ද ජනාධිපතිවරයා කීය.

පාර්ලිමේන්තු අය වැය කාර්යාලයක් ආරම්භ කරමින් ශ්‍රී ලංකාවේ පළමු වරට පාර්ලිමේන්තුවේ ව්‍යවස්ථාදායක පර්යේෂණ සේවාවක් ආරම්භ කරන බව ද ඒ මහතා පැවසීය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බැංකු හා මූල්‍ය ආයතන අසාධාරණ ලෙස පොලී අයකරනවාද? එහෙනම් මෙහෙම කරන්න

රෂිකා හෙන්නායක නොවැම්බර් 17, කොළඹ LNW : ශ්‍රී ලංකා මහ...

GMOA සහ ජනපති අතර හදිසි සාකච්ඡාවක්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 17, කොළඹ LNW : වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත...

ජාතික රෝහලේ ප්‍රධාන කාර්යාලයට වෛද්‍ය බෙල්ලන කුසලානය

නිශ්මං රණසිංහ නොවැම්බර් 17, කොළඹ LNW: ජාතික රෝහලේ කාර්ය මණ්ඩලයට...

විපක්ෂයට ආයෙ කඳුකර දමිළ ජනතාවත් එක්ක දේශපාලනයක් කරන්න බෑ – මාලිමා මන්ත්‍රී රවීන්ද්‍ර

සටහන - රුවන් නෙළුගොල්ල සමගි ජන බලවේගය ඇතුළු විපක්ෂයට මින්...