දැන් කටු ඇනිච්ච නංගිත් නෑ, චිත්‍ර ඇඳපු මල්ලිලාත් නෑ, ගොවියාගෙ අමුඩෙත් නෑ – විජයමුණි

0
5802

අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාගේ භාෂාවෙන්ම කියන්නේ නම් අද වනවිට රුපියල චොප්ප චපිරි වී, හක්ක බොක්කට ගොස්, කුජීත වී ඇති බව සමගි ජන බලවේගයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත් විජයමුණි සොයිසා මහතා පවසයි.

“එක්කෙනෙක් නම් කිව්වා පහුගිය කාලෙ වැල්ලට එන්නෑ මල්ලි රැල්ලට බය නම් කියලා. ඌ සරම උස්සාගෙන මොකක්ද එන්න පෙන්න පෙන්නා දිව්වා, දැන් පීචං වෙලා. පව් ! අර බන්දුලගේ භාෂාවෙන් කියනවා නම් රුපියල චොප්ප චපිරි වෙලා, මොකක්ද කිව්වා හක්ක බොක්කට ගිහිල්ලා, කුජීත වෙලා. දැන් බන්දුලයාට පාචනේ හැදෙන්න ඕනෙ හරි නම්. රුපියල ඒ තරමට මස්තබාල්දු කරලා. ජීවත් වෙන්න විදියක් නෑ, බඩුමිල අහස උසට නැගලා. අද කටු ඇනිච්ච නංගිත් නෑ, චිත්‍ර ඇඳපු මල්ලිලාත් නෑ, ගොවියාගෙ අමුඩෙත් නෑ”

විජිත් විජයමුණි සොයිසා මහතා මේ බව පැවසුවේ පසුගියදා පැවති සමගි ජන බලවේගයේ රැස්වීමක් අමතමිනි.

RN