වැසි තත්වයේ වෙනසක් – අද (08) කාලගුණය

සටහන – රුවන් නෙළුගොල්ල

අද (ජුනි 08) දිනයේදී බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී 50 ට වැඩි තරමක තද වැසි ඇති විය හැක.

අනුරාධපුර සහ හම්බන්තොට දිස්ත්‍රික්කවල වැසි ස්වල්පයක් ඇතිවිය හැක.

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු සහ උතුරු-මැද පළාත්වලත් හම්බන්තොට සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. (40-50) පමණ තද සුළං ඇති විය හැක. සෙසු ප්‍රදේශවල විටින් විට හමන පැ.කි.මී. (30-40) පමණ තරමක තද සුළං ඇති විය හැක.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටී.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

PHP අර්බුදය සහ විනාශයක් නොවී සිදු වූ විශාලතම සයිබර් කලබලය

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 22, කොළඹ LNW : ලොව පුරා වෙබ්...

අග්නිදිග ආසියාව විෂ දුමාරයෙන් වැසෙයි: පරිසර දූෂකයන්ට එරෙහිව නීතිමය පියවර ගන්නැයි ඉල්ලීම්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 22 : අග්නිදිග...

Harry Brookගේ ඓතිහාසික එක්දින ද්විත්ව ශතකය!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 22, කොළඹ LNW : පාකිස්තානයේ රාවල්පින්ඩි ක්‍රීඩාංගණයේදී...