සටහන – පුලී
ජූනි 08, LNW (කොළඹ): මේ වසරේ පිලිපීනයට බලපෑ ප්රබලතම භූමිකම්පාව මුහුද කේන්ද්ර කර ගත් අතර එය ප්රධාන වෙරළබඩ නගරයකට හානි සිදු කරමින් විදුලිය විසන්ධි වී අසල වෙරළ තීරයේ මීටර් 1 ක් උස සුනාමි රළ ඇති කළ බව විදෙස් මාධ්ය වාර්තා කරයි.
ඉකුත් සඳුදා දකුණු පිලිපීනයේ ඇති වූ රික්ටර් මාපක 7.8 ක භූමිකම්පාවෙන් අවම වශයෙන් පුද්ගලයින් 15 දෙනෙකු මිය ගොස්, ගොඩනැගිලි වලට හානි සිදු වූ අතර කලාපය පුරා සුනාමි අනතුරු ඇඟවීම් ද නිකුත් කරන ලදී.
මින්ඩනාඕ දූපතේ සාරංගානි පළාතේ සිට කිලෝමීටර් 24 ක් පමණ බටහිර දෙසින් ඇති වූ භූමිකම්පාවෙන් පසු, පිලිපීනයේ සහ ඉන්දුනීසියාවේ බලධාරීන් බලපෑමට ලක් වූ වෙරළබඩ ප්රදේශවල පදිංචිකරුවන්ගෙන් වහාම උස් බිම්වලට යන ලෙස ඉල්ලා සිටි බව එක්සත් ජනපද භූ විද්යා සමීක්ෂණ ආයතනය පවසයි.
භූමිකම්පාව හේතුවෙන් 700,000 කට අධික ජනතාවක් වෙසෙන ටූනා සැකසුම් නගරයක් වන ජෙනරල් සැන්ටොස් හි එක් ගොඩනැගිල්ලක් පමණ කඩා වැටී තිබේ. එය එහි වාණිජ මධ්යස්ථානයක් ද වේ.

