සලේට සහය දක්වමින් ඇරඹි සත්‍යග්‍රහය! (PHOTOS)

කොළඹ LNW:පාස්කු ප්‍රහාරය සම්බන්ධ විමර්ශනයන්ට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන මේ වන විට රැඳවුම් නියෝග යටතේ පසුවෙන හිටපු රාජ්‍ය බුද්ධි සේවයේ ප්‍රධානී සුරේෂ් සලේට පොලීසිය විසින් අමානුෂික ලෙස සලකන බවට චෝදනා එල්ල කරමින් ඔහුට සහය දක්වමින් අද (08) පෙරවරුවේ කොළඹ කොටුව දුම්රිය පොළ ඉදිරිපිටදී සත්‍යග්‍රහයක් ආරම්භ කළේය.

ඊට සර්වජන බලය, ජාතික නිදහස් පෙරමුණ, පිවිතුරු හෙළ උරුමය, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඇතුළු තවත් විපක්ෂයේ දේශපාලන පක්ෂ කිහිපයක නියෝජිතයින් මේ සඳහා එක්ව සිටිති.

එම ස්ථානයට සුරේෂ් සලෙගේ මවද පැමිණියාය.

මේ අතර සත්‍යග්‍රහයට රැගෙන ආ බඩු බාහිරදිය රැගත් ලොරියක් පොලිස් අත්අඩංගුවට පත්විය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අමානුෂික ලෙස සලකන බව පවසමින් සුරේෂ් සලේ විසින් ජලය හෝ ආහාර නොගෙන මාරාන්තික උපවාසයක් ආරම්භ කර ඇතැයි ඔහුගේ පවුලේ ඥාතීන් විසින් අවධාරණය කර තිබුණු ඇත ඔහුව ඊයේ රාත්‍රියේදී ප්‍රතිකාර කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කටයුතු කර තිබුණි.

ජායාරූප – අජිත් සෙනෙවිරත්න

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මස්ක් ඩොලර් බිලියන 10ක් වටිනා SpaceXහි කොටස් ඇමරිකානු දරුවන්ට පිරිනැමීමට සැරසේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 21: ලොව ප්‍රමුඛතම...

ආණ්ඩුවේ යටි හිත!

උපාලි කොළඹගේ කොළඹ LNW:මේ දිනවල ආණ්ඩු වේ යෝජිත නව පනත්...

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ “ගමින් ගමට” රැස්වීම් ලබන සතියේ සිට ඇරඹේ!

කොළඹ LNW:ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගමින් ගමට කොට්ඨාස රැස්වීම්...

කථානායක තනතුරට පත්වීමේ කිසිදු බලාපොරොත්තුවක් මට නෑ – ෆයිසර් මුස්තාෆා කියයි

තමන්ට කථානායක තනතුරට පත්වීමේ කිසිදු බලාපොරොත්තුවක් නොමැති බව නව...