වසර හතකට පසු චීන ජනපති උතුරු කොරියාවට

කොළඹ LNW:උතුරු කොරියාවේ රාජ්‍ය සංචාරයක් සඳහා චීන ජනාධිපති ෂී ජින්පිං මහතා අද(8) පෙරවරුවේ විශේෂ ගුවන් යානයකින් බෙයිජිං නගරයෙන් පිටත් ව තිබෙනවා. ඒ උතුරු කොරියානු ජනාධිපති කිම් ජොන්-උන් මහතාගේ ඇරයුමට අනුවයි.

ෂී ජින්පිං ජනාධිපතිවරයාගේ ආර්යාව වන Peng Liyuan මහත්මිය, චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශයේ ස්ථාවර කමිටු සාමාජික, මධ්‍යම කාර්යාල අධ්‍යක්ෂ Cai Qi මහතා සහ චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශයේ සාමාජික, විදේශ අමාත්‍ය වං යී මහතා ඇතුළු පිරිස මෙම සංචාරයට එක් ව සිටිනවා.

මෙය 2019 න් පසු එනම් වසර හතකට පසු චීන ජනාධිපතිවරයා උතුරු කොරියාවේ සිදු කරන පළමු සංචාරයයි.

උතුරු කොරියාවේ ජනාධිපති Kim Jong-un මහතා අද(8) Pyongyang හි Kim ll-sung චතුරශ්‍රයේදී චීන ජනාධිපති ෂී ජින්පිං මහතා වෙනුවෙන් උත්කර්ෂවත් පිළිගැනීමේ උත්සවයක් පවත්වා තිබෙනවා.

Kim Jong-un මහතා සහ ආර්යාව Ri Sol Ju මහත්මිය, Kim ll-sung චතුරශ්‍රයේ සිට ෂී ජින්පිං මහතා සහ Peng Liyuan ආර්යාව මහත් හරසරින් පිළිගත් බවයි වාර්තා වන්නේ .

Kim Jong-un මහතා සමග එක්ව, ෂී ජින්පිං මහතා උතුරු කොරියානු මහජන හමුදාවේ ගෞරවනීය ආචාරය පිළිගැනීමට එක් ව සිටියා.

උත්සවය අවසානයේ, චීන සහ කොරියානු භාෂාවලින් යුත් පිළිගැනීමේ සුබපැතුම් සහිත වර්ණවත් බැලූන් අහසට මුදා හැර තිබෙනවා.

දිනූෂි ධීරසිංහ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පීඑස්ජී සහ බාසිලෝනා පාපන්දු තරග විශේෂ අවස්ථා..

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 21, කොළඹ LNW : තරගයේ පසුබිම තරගය...

ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකාය (IRGC) දැඩි මුදල් හිගයකට මුහුණ දී ඇති බව ඇමරිකාව කියයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 21: ඇමරිකා එක්සත්...

එක්සත් ජනපද-ඉරාන අර්බුදය සහ එහි ගෝලීය බලපෑම..

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 21, කොළඹ LNW : මැදපෙරදිග කලාපයේ එක්සත්...

දිවයින පුරා විදුලි කප්පාදුව අදත්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 21, කොළඹ LNW : ශ්‍රී ලංකා මහජන...