සටහන – රුවන් නෙළුගොල්ල
2010 වසරේ සිට 2014 වසර දක්වා කාලසීමාව තුළ අමාත්යවරයකු ලෙස කටයුතු කරමින් සිටියදී සිය නිත්යානුකූල ආදායම අභිබවා රුපියල් මිලියන 75කට අධික වත්කම් අත්පත් කර ගැනීම තුළින් අල්ලස් පනත යටතේ වරදක් සිදුකළ බවට චෝදනා කරමින් හිටපු අමාත්ය විමල් වීරවංශ මහතාට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනුකර ඇති නඩුව ඊයේ (08) කොළඹ මහාධිකරණය හමුවේ යළි විභාගයට ගන්නා ලදී.
එහිදී අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් අසාද් නවාවී මහතාගේ මෙහෙයවීම යටතේ පැමිණිල්ලේ සාක්ෂිකරුවන් ගෙන් සාක්ෂි සටහන් කරගැනීම සිදුවිය.
ඉන්පසු කොළඹ මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහායිල් මහතා නියම කළේ වැඩිදුර සාක්ෂි විභාගය ජුනි 25 වනදාට කල්තැබීමටයි.


