තමන්ව අත්අඩංගුවට ගැනීම වළක්වන්නැයි ඉල්ලා SDIG වරුණ ජයසුන්දර ගොනුකළ පෙත්සම ජුනි 12

සටහන – රුවන් නෙළුගොල්ල

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනයට අදාළව කිසිදු සාධාරණ හේතුවක් නොමැතිව තමන්ව අත්අඩංගුවට ගැනීම වළක්වමින් රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර විසින් අභියාචනාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.

මෙහි වගඋත්තරකරුවන් වශයෙන් පොලිස්පතිවරයා, නීතිපතිවරයා ඇතුළු පිරිසක් නම්කර ඇත.

මෙම පෙත්සම ඊයේ (10) අභියාචනාධිකරණ විනිසුරුවරුන්වන ශෂී මහේන්ද්‍රන් සහ ආදීත්‍ය පටබැඳීගේ යන මහත්වරුන්ගේ සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවා තිබුණු අතර වරුණ ජයසුන්දර මහතා වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරයා සඳහන් කළේ තම සේවාදායකයා අත් අඩංගුවට ගැනීමට අත්‍යාසන්න තත්වයක් උද්ගතවී ඇති බැවින් මෙම පෙත්සම ගොනුකළ බවත් මෙහි කරුණු තහවුරු කිරීම සඳහා මේ සතිය තුළම දිනයක් ලබාදෙන ලෙස ඉල්ලා සිටින බවත් ය.

එහෙත් රජයේ නීතීඥවරිය සඳහන් කළේ මෙම සිද්ධියට අදාළව වග උත්තරකරුවන්ගෙන් උපදෙස් ලබා ගැනීමට අවශ්‍ය බවත් ඒ සඳහා කාලය ලබා දෙන ලෙසත් ය.

දෙපාර්ශ්වයේම කරුණු සලකා බැලූ අධිකරණය මෙම පෙත්සම කරුණු තහවුරු කිරීම සඳහා ලබන 12 වනදා යළි කැඳවීමට නියම කළේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නවරාත්‍රී පූජාව අගමැතිනියගේ සහභාගීත්වයෙන් පාර්ලිමේන්තුවේදී සමරයි!

කොළඹ LNW:ශ්‍රී ලංකාවේ බහු-ආගමික සහජීවනය සංකේතවත් කරමින්, පාර්ලිමේන්තු පරිශ්‍රයේ...

සොයිසාපුර වෙඩි තැබීමෙන් හෝටල් හිමිකරු මියයයි

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 20, කොළඹ LNW : මොරටුව සොයිසාපුර ප්‍රදේශයේදී...

හූති ප්‍රහාර වලින් ආරක්ෂා වීම සඳහා බ්‍රිතාන්‍යය, සෞදියට ප්‍රහාරක ජෙට් යානා ලබා දේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 20 : යේමනයේ...

CIDය ඩග්ලස් දේවානන්දාගේ නිවස සහ කාර්යාලය වැටලූයේ ඇයි?

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 20, කොළඹ LNW : හිටපු අමාත්‍ය ඩග්ලස්...