රෂිකා හෙන්නායක ජූනි 11, කොළඹ LNW :
ජපන් රජය සහ ශ්රී ලංකා රජය අතර පවතින ද්විපාර්ශ්වික මිත්රත්වය තවදුරටත් ශක්තිමත් කිරීමේ අරමුණින්, ජපන් රජය විසින් පිරිනමන ලද අධිශීත (ෆීසර්) ට්රක් රථ 06ක් ඊයේ (10) ලංකා ධීවර සංස්ථාව වෙත නිල වශයෙන් ප්රදානය කරන ලදී.
ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්ය ගරු රාමලිංගම් චන්ද්රසේකර් මහතාගේ ප්රධානත්වයෙන් මෙම ප්රදානය කිරීමේ උත්සවය පැවැත්වුණු අතර, එහිදී ශ්රී ලංකාවේ ජපාන තානාපති ගරු Akio ISOMATA මැතිතුමා විසින් අදාළ ට්රක් රථ නිල වශයෙන් අමාත්යවරයා වෙත භාර දෙන ලදී.
මෙමඟින් මෙරට ධීවර නිෂ්පාදනවල ගුණාත්මකභාවය සුරකිමින් බෙදාහැරීමේ කටයුතු වඩාත් කාර්යක්ෂම කිරීමට අපේක්ෂිතය.



