සහල් ආනයනය ක්‍රමානුකූලව නතර කිරීමේ තීරණයක් …

Date:

සහල් ආනයනය කිරීම ක්‍රමානුකූලව අඩුකර, සම්පූර්ණයෙන්ම නතර කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇති බව කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය රමේෂ් පතිරණ මහතා පවසයි.

“වී මිලදී ගැනීම සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡා වුණා. කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මැතිතුමා එතුමාගේ අදහස් ඉදිරිපත් කළා. යම්කිසි පමණකට රජය වී මිලදී ගැනීමට බලාපොරොත්තුවෙන් සිටි මුදලට වඩා යම්කිසි අඩු මුදලක් සමහර ස්ථානවලදී ගොවි මහත්වරුන්ට ලැබෙමින් තියෙන බවත් ඒ නිසා ඔවුන් අතර අසහනකාරී තත්වයක් ඇතිවෙලා තිබෙන බවත් පැහැදිලි කාරණයක්. එහිදී තීන්දු කිහිපයක් පිළිබඳ සාකච්ඡා කළා. විශේෂයෙන්ම සතොස හරහා වී මිලදී ගෙන සතොස වෙළඳසැල් හරහා අලෙවියට ලබාදීම කියන කාරණය. දෙවැනි කාරණය තමයි පසුගිය දිනවල රටේ ආහාර සංචිතවල අඩුවක් ඇතිවෙයි කියන බිය හේතුවෙන් අපි පිටරටිනුත් යම්කිසි සහල් ප්‍රමාණයක් මෙරටට ආනයනය කළා. එම සහල් ප්‍රමාණය ආනයනය කිරීම ක්‍රමානුකූලව අඩුකිරීමට සහ නතර කිරීමටත් අපි තීන්දු කළා. නැවත වතාවක් මුදල් ප්‍රතිපාදන දැන් බැංකුවලින් ඉල්ලලා තියෙනවා වී අලෙවි මණ්ඩලය. බැංකුවල ණය සීමාව සම්බන්ධයෙනුත් ගැටලුවක් මතුවෙලා තියෙනවා. එම කරුණුත් නැවත සාකච්ඡා කරනවා ජීවන වියදම පිළිබඳ අනු කාරකසභාවේදී. ඉක්මනින් විසඳුමක් ලබාදීලා ගොවි මහත්වරුන්ගේ ගැටළුව විසඳලා දෙන්න අපට පුළුවන් වෙයි”

රමේෂ් පතිරණ මහතා මේ බව පැවසුවේ ඊයේ (13) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව අමතමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වැඩබලන පොලිස්පතිගේ අලුත් නියෝගය!

කොළඹ LNW:කිසියම් පැමිණිල්ලකට අදාළව කටඋත්තරයක් ලබාගැනීම සඳහා පුද්ගලයකු කැඳවනවිට...

ඩඩ්ලිගේ යූස්ඩ් වාහනයට රේගුව මිලියන 100ක් බදු ගහලා ?

අරලිය සහල් අධිපති, කෝටිපති ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන පසුගිය දවස්වල...

ලංකාවට තවත් අවස්ථාවක්

නිශ්මං රණසිංහ ජූලි 04, කොළඹ LNW: මේ වන විට ආසියානු...

එස්. එම්. චන්ද්‍රසේන අත්අඩංගුවට !

සටහන - රුවන් නෙළුගොල්ල හිටපු අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන අල්ලස් හෝ...