බ්‍රිතාන්‍ය ආරක්ෂක ලේකම් ජෝන් හීලි ධුරයෙන් ඉල්ලා අස් වේ

සටහන: සශිකලා මධුෂාණි
ජුනි මස 12: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ):
බ්‍රිතාන්‍ය අගමැති කියර් ස්ටාමාගේ ආරක්ෂක ලේකම් ජෝන් හීලි ධුරයෙන් ඉල්ලා අස් වී තිබේ.

සිය ඉල්ලා අස්වීමේ ලිපිය ඉදිරිපත් කරමින් ආරක්ෂක ලේකම්වරයා ප්‍රකාශ කර තිබුණේ, අගමැති ස්ටාමා සහ ඔහුගේ චාන්සලර් රේචල් රීව්ස් රටේ ආරක්ෂාව අවදානමට ලක් කළ බවත්, තර්ජන වැඩිවන මේ අවස්ථාවේ දී රට ආරක්ෂා කිරීමට අවශ්‍ය සම්පත් කැප කිරීමට භාණ්ඩාගාරය සුදානම් නොවීම හේතුවෙන් ඉල්ලා අස්වීම හැර වෙනත් විකල්පයක් තමන්ට නොවන බවත්ය.

මෙම ඉල්ලා අස්වීම අගමැති ධුරය බිඳවැටීමේ අද්දරට තල්ලු කර ඇති අතර ජෝන් හීලි සමඟ සන්නද්ධ හමුදා අමාත්‍ය අල් කාර්න්ස් සහ හීලිගේ පාර්ලිමේන්තු සහායකයින් දෙදෙනා ද ඉල්ලා අස්වීම් භාරදී ඇත.

අගමැති ස්ටාමාට පක්ෂපාතී පුද්ගලයෙකු ලෙස සලකනු ලබන හීලි, ස්ටාමාට ධුරයෙන් ඉවත්වන ලෙස කම්කරු මන්ත්‍රීවරුන් ප්‍රබල තර්ජනයක් එල්ල කරනවිට පවා පසුගිය මාසයේ ස්ටාර්මර්ගෙන් පෞද්ගලිකව ඉල්ලා තිබුණේ, තම ස්ථාවරය සලකා බලා රටට සහ පක්ෂයට සුදුසු දේ කරන ලෙසයි. ජෝන් හීලි පාර්ලිමේන්තුවේ වසර 30 කට ආසන්න කාලයක් ගත කර ඇති අතර ටෝනි බ්ලෙයාර්ගේ සිට සෑම කම්කරු නායකයෙකු යටතේම ඉදිරි පෙළ තනතුරු දැරූ අයෙකි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නවරාත්‍රී පූජාව අගමැතිනියගේ සහභාගීත්වයෙන් පාර්ලිමේන්තුවේදී සමරයි!

කොළඹ LNW:ශ්‍රී ලංකාවේ බහු-ආගමික සහජීවනය සංකේතවත් කරමින්, පාර්ලිමේන්තු පරිශ්‍රයේ...

සොයිසාපුර වෙඩි තැබීමෙන් හෝටල් හිමිකරු මියයයි

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 20, කොළඹ LNW : මොරටුව සොයිසාපුර ප්‍රදේශයේදී...

හූති ප්‍රහාර වලින් ආරක්ෂා වීම සඳහා බ්‍රිතාන්‍යය, සෞදියට ප්‍රහාරක ජෙට් යානා ලබා දේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 20 : යේමනයේ...

CIDය ඩග්ලස් දේවානන්දාගේ නිවස සහ කාර්යාලය වැටලූයේ ඇයි?

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 20, කොළඹ LNW : හිටපු අමාත්‍ය ඩග්ලස්...