රෂිකා හෙන්නායක ජූනි 12, කොළඹ LNW :
ශ්රී ලංකා මහ බැංකුව විසින් ප්රකාශයට පත් කරන ලද නවතම දත්ත අනුව, ඩොලරයේ ගැනුම් සහ විකුණුම් මිල පෙර දිනයට වඩා සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇත.
ඒ අනුව, මහ බැංකුව විසින් අද (12) නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික නිවේදනය අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රුපියල් 331.42ක් ලෙස සටහන් වී ඇති අතර විකුණුම් මිල ලෙස රුපියල් 341.36ක් ලෙස සටහන් වී ඇත.
ඊයේ (11) වනදා ශ්රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද විනිමය අනුපාතිකයන්ට අනුව, අමෙරිකානු ඩොලරයක මිලදී ගැණුම් මිල රුපියල් 327.67ක් ලෙස සටහන් විය.
එමෙන්ම ඩොලරයක විකිණීමේ අනුපාතිකය රුපියල් 337.82ක් ලෙස ඊයේ (11) ප්රකාශයට පත් කර ඇත.
ඒ අනුව, දේශීය මුදලේ අගය පහත වැටීම හේතුවෙන් විදේශ මුදල් ලබාගැනීම සඳහා වැය කළ යුතු රුපියල් ප්රමාණය වැඩි වී ඇති බව මෙමගින් අවධාරණය කරයි.



