යෝෂිතගේ පෙත්සම විභාග කර අවසන්. තීන්දුවට දින දෙයි !

මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ තමන්ට එරෙහිව ගොනුකර තිබෙන ‘කුමන්ත්‍රණය’ නැමති චෝදනාව පවත්වාගෙන යා හැකි බවට කොළඹ මහාධිකරණය විසින් දී ඇති නියෝගයක් බලරහිත කරන ලෙස ඉල්ලා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ විසින් ගොනුකර ඇති ප්‍රතිශෝධන පෙත්සම විභාග කර අවසන් කළ අභියාචනාධිකරණය එහි නියෝගය ජූලි මස 03 වැනිදා ප්‍රකාශයට පත් කරන බව නිවේදනය කළේය.

ඒ, එම පෙත්සම ඊයේ (16) අමල් රණරාජා සහ ආචාර්ය සුමුදු ප්‍රේමචන්ද්‍ර යන විනිසුරු මඬුල්ල හමුවේ කැඳවූ අවස්ථාවේදී ය.

පෙත්සම විභාගයට ගත් අවස්ථාවේදී පෙත්සම්කාර යෝෂිත රාජපක්ෂ වෙනුවෙන් නීතිඥ හෆීල් ෆාරිස් කරුණු ඉදිරිපත් කළ අතර නීතිපතිවරයා වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ජනක බණ්ඩාර කරුණු ඉදිරිපත් කළේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රුවන්ඩාවේ F1 තරගයක් පැවැත්වීම ගැන ලුවිස් හැමිල්ටන්ගෙන් ප්‍රකාශයක්

සටහන – පුලී ඔක්තෝම්බර් 23, LNW (කොළඹ):මානව හිමිකම් ගැටලු සම්බන්ධයෙන් මතුව...

ප්‍රංශයේ වෙඩි තැබීමක් – එක් අයෙක් මරුට, සිව් දෙනෙකුට තුවාල

සටහන – පුලී ඔක්තෝම්බර් 23, LNW (කොළඹ): පැරිස් නගරයට බටහිරින් පිහිටි...

රුසියාවේ පළමු ඩීසල් තොගය ඇමරිකාව බලා පිටත් වේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 23 : රුසියාවෙන්...