ඇයි රජයේ ගබඩා ඇරලා තියෙද්දී වී ගෙනත් නොදුන්නේ ? වී ළඟ තියාගත් ගොවීන් වැරදියි – ඇමති නාමල්

සටහන – රුවන් නෙළුගොල්ල

වී අලෙවි මණ්ඩලයේ වී ගබඩා විවෘත කර තිබියදී ඒවාට වී ලබානොදුන් ගොවීන් ද වරදක් කර ඇති බවත් වී විකුණා ගැනීමට නොහැකි බවට දැන් කෑගැසීමෙන් ඵලක් නොමැති බවත් කෘෂිකර්ම හා පශූ සම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා පවසයි.

“දැන් මේ වී විකුණන්න බැහැ, රජයේ ගබඩා අරින්න කියලා කෑගහන කණ්ඩායමක් ඉන්නවා. අපිට අහන්න තියෙන දේ තමයි ඇයි ගබඩා ඇරලා තියෙද්දී ගබඩාවලට වී ගෙනල්ලා දුන්නෙ නැත්තෙ ? හැබැයි දැන් බොහෝදුරට ගොඩක් තියෙන්නෙ ගොවියා ළඟ නෙවෙයි වී. ගොවියා ළඟ වී තියාගත්තා නම් ඉතින් එයාත් වැරදියිනෙ . එයා දෙන්ඩ එපායැ ගබඩා ඇරලා තියෙද්දී ? එයා තියාගත්තෙ මොකටද ? එයා තියාගත්තෙ එයාට මොනවාහරි හැකියාවක් තියෙන හින්දානෙ ? අනිත් එක මෙතන ඉන්නවා අතරමැදි කණ්ඩායමක් වී එකතුකරගත්තු ගොවියාගෙන්. සමහරවිට දෙක පහට වී ටික අරගෙන වැඩි ගාණට විකුණන්න වී එක්‍රැස් කරගත්තු කණ්ඩායම් ඉන්න පුළුවන්. අන්න ඒ අය මේ වෙලාවෙ ප්‍රශ්නෙකට මුහුණ දීලා තියෙන්න පුළුවන්. හැබැයි ඒ ප්‍රශ්නෙටත් අපි ඇහුම්කන් දෙන්න ඕනෙ, ඒක වෙනම අපි කතා කරමු”

නාමල් කරුණාරත්න නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (18) පැවති රැස්වීමකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නිහඬ මූර්තිවලටත් ජීවයක් තිබේද? ඇස් රවටන අපූරු කලා නිර්මාණ කිහිපයක් අදත්!

සටහන – පුලී ඔක්තෝම්බර් 21, LNW (කොළඹ): සමහර විට ජීවය දැනෙන්නට හුස්මක්...

චාල්ස් රජු අරාබි බසින් ඕමාන සුල්තාන්වරයා පිළිගනී!

සටහන – පුලී ඔක්තෝම්බර් 21, LNW (කොළඹ): බ්‍රිතාන්‍යයේ චාල්ස් රජු, ඕමාන...

මස්ක් ඩොලර් බිලියන 10ක් වටිනා SpaceXහි කොටස් ඇමරිකානු දරුවන්ට පිරිනැමීමට සැරසේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 21: ලොව ප්‍රමුඛතම...

ආණ්ඩුවේ යටි හිත!

උපාලි කොළඹගේ කොළඹ LNW:මේ දිනවල ආණ්ඩු වේ යෝජිත නව පනත්...