ගොවියන්ට පව් කියන්න තමා තියෙන්නෙ. මම මෝඩයෙක් නෙවෙයි, මම පවතින ආණ්ඩුව එක්ක ඉන්නවා – ඩඩ්ලි

ගොවීන්ට ජීවත් වීමට ප්‍රමාණවත් මුදලක් ලැබීමට නම් නාඩු වී කිලෝවක මිල රුපියල් 150ක් වියයුතු නමුත් එසේ කළහොත් සහල් මිල දැවැන්ත ලෙස ඉහළ යන නිසා එවැන්නක් කිරීමට හැකියාවක් නොමැති බව අරලිය සමූහ ව්‍යාපාරයේ අධිපති, කෝටිපති ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන මහතා පවසයි.

“ජීවත් වීමට සෑහෙන මිලක් වීවලට හම්බවෙනවා නම් නාඩුවලට රුපියල් 150ක මුදලක් ලැබෙන්න ඕනෙ. හෙට වී මිල වැඩිකළොත් අනිද්දා හාල් මිල යයි, එතකොට විපක්ෂය අල්ලාගන්නවා ඒ පැත්ත. ඇත්තටම ගොවියන්ට පව් කියන්න තමයි තියෙන්නෙ, වෙන මොකද්ද කියන්නෙ ? මෙව්වාට උත්තර සපයන දේශපාලන නායකයො මම දැක්කෙ නැහැ. දැන් විශ්වාස කරනවා එහෙම තත්වයක් ඇති කියලා. එහෙම නැත්නම් අපි ඒ ගැනත් ඉදිරියේදී බලාගන්නවා”

ප්‍රශ්නය – ඒ කියන්නෙ මේ ආණ්ඩුවෙනුත් මොකුත්ම සහනයක් නැතිවෙයිද ගොවීන්ට ?

“ඒක පුතා ආණ්ඩුවෙන් අහන්න එපැයි. ආණ්ඩුවේ ප්‍රශ්න ආණ්ඩුවෙන් අහන්න ඕනෙ. ඔය නිකම් මේ මෝඩ ප්‍රශ්න දාලා, එහෙම මෝඩයෙක් වෙන්නෑ මම. ආණ්ඩුවේ ප්‍රශ්න ආණ්ඩුවෙන් අහන්න, මගේ ප්‍රශ්න මගෙන් අහන්න”

ප්‍රශ්නය – දැන් ඔබතුමා ආණ්ඩුවත් එක්ක නැහැ වගේද ? තරහා ගිහින් වගේ ඉන්නෙ ?

“නෑ, නෑ … මම පවතින ඕනෙ ආණ්ඩුවක් එක්ක ඉන්නවා. වී, හාල් එක්ක ජීවත් වෙන මිනිස්සු පවතින රජයත් එක්ක ඉන්නෙ නැත්නම් මොකද කරන්නෙ වෙන ?”

ප්‍රශ්නය – හිටපු ජනාධිපතිතුමාත් හැබැයි කිව්වා ආණ්ඩුවෙන් මැදිහත් වෙනවා මදි කියලා …

“ඒකත් එයාගෙන් අහන්න. එයාලාත් හරියට කළාද කියලා අහන්නකෝ කවුරු වුණත් …”

ඩඩ්ලි සිරිසේන මහතා මේ බව පැවසුවේ ඊයේ (20) පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉතිහාසයේ අදවන් දිනෙක ‘ තෝමස් එඩිසන්ගේ ආලෝකයේ සිහිනය’

සටහන: සශිකලා මධුෂාණී ඉතිහාසයේ අදවන් දිනෙක එනම් 1879 ඔක්තෝබර් 22...

සයිබර් ආරක්ෂණ අවදානමක් හේතුවෙන් ලොව පුරා වෙබ් අඩවි රැසක් තාවකාලිකව අක්‍රිය කෙරේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 22 : අන්තර්ජාලයේ...

අඩු පීඩන කලාපය හේතුවෙන් ප්‍රදේශ රැසකට තද වැසි – කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රී ලංකාව ආසන්නයේ පැවති පහළ වායුගෝලීය...

හූනියම් කරලා ජනපති අනුරව ඝාතනය කිරීමට සැලසුම් කරන භික්ෂූන්ට එරෙහිව පියවර ගන්න – මාලිමාවේ ගීතිකා ආරක්ෂක අංශවලින් ඉල්ලයි

විහාරමහාදේවී උද්‍යානයට රැස්ව සිටින භික්ෂූන් ඇතුළු පිරිසක් යාතුකර්ම, බලි...