T20 ලෝක කුසලානයට යන ශ්‍රී ලංකා කණ්ඩායම නම් කරයි

Date:

ලබන මස ඔස්ට්‍රේලියාවේදී ආරම්භ වන 20/20 ලෝක කුසලාන තරගාවලිය සඳහා සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායම මේ වනවිට ප්‍රකාශයට පත්කර තිබෙනවා.

ජාතික තේරීම් කමිටුව විසින් නම්කළ කණ්ඩායමට ක්‍රීඩා ඇමතිවරයාගේ අනුමැතිය හිමිව තිබේ.

ආසියානු කුසලාන තරගාවලිය ජයග්‍රහණය කළ ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කළ අසිත ප්‍රනාන්දු ඉවත් කර ඇති අතර දුෂ්මන්ත චමීර හා ලහිරු කුමාර කණ්ඩායමට නම්කර තිබෙනවා. කෙසේ නමුත් ඔවුන් දෙදෙනා තරගාවලියට සහභාගි වන්නේද යන්න තීරණය වන්නේ ශාරීරික යෝග්‍යතාවය ප්‍රමාණවත් වුවහොත් පමණි.

ශ්‍රී ලංකා සංචිතය
දසුන් ශානක (නායක), ධනුෂ්ක ගුණතිලක, පැතුම් නිස්සංක, කුසල් මෙන්ඩිස්, චරිත් අසලංක, භානුක රාජපක්ෂ, ධනන්ජය ද සිල්වා, වනිඳු හසරංග, මහීෂ් තීක්ෂණ, ජෙෆ්‍රි වැන්ඩසේ, චාමික කරුණාරත්න, දුෂ්මන්ත චමීර, ලහිරු කුමාර, දිල්ෂාන් මධුෂංක, ප්‍රමෝද් මධුෂාන්

අතිරේක ක්‍රීඩකයන් ලෙස අශේන් බණ්ඩාර, ප්‍රවීන් ජයවික්‍රම, දිනේෂ් චන්දිමාල්, බිනුර ප්‍රනාන්දු, නුවනිඳු ප්‍රනාන්දු නම්කර ඇති අතර ඔවුන්ගෙන් අශේන් බණ්ඩාර හා ප්‍රවීන් ජයවික්‍රම පමණක් ශ්‍රී ලංකා කණ්ඩායම සමග ඔස්ට්‍රේලියාව බලා පිටත්ව යනු ඇත.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සීතලෙන් බැඳි යදම් බිඳ,තමන්ට කියා සංගමයක් නැති මලල ක්‍රීඩක ක්‍රීඩිකාවෝ නව ජාතික වාර්තා තබති

නිශ්මං රණසිංහ පෙබරවාරි 08, කොළඹ LNW: ආසියානු ගෘහස්ථ මලල ක්‍රීඩා...

කිරුළපන ගජබා ක්‍රීඩා සමාජයෙන් පුංචි පාපන්දු ක්‍රීඩකයන්ට ලොකු වැඩක්

නිශ්මං රණසිංහ පෙබරවාරි 08, කොළඹ LNW: කිරුළපන ගජබා ක්‍රීඩා සමාජය...

ජනාධිපති අරමුදලේ ඇතිවූ වෙනස!

රෂිකා හෙන්නායක පෙබරවාරි 08, කොළඹ LNW: ජනාධිපති අරමුදල ප්‍රාදේශීය ලේකම්...

කැළණිය වෛද්‍ය සිසුවාගේ ඉරණම!

රෂිකා හෙන්නායක පෙබරවාරි 08, කොළඹ LNW : තංගල්ල මාවැල්ල මුහුදු...