ජාතික උද්ධමනයත් 5% ඉක්මවමින් ඉහළට

සටහන – රුවන් නෙළුගොල්ල

ජාතික පාරිභෝගික මිල දර්ශකයට (NCPI) අනුව 2026 මැයි මාසයේ මෙරට ලක්ෂ්‍යමය මතුපිට උද්ධමනය 5.4% ක් දක්වා ඉහළ ගොස් තිබේ.

2026 අප්‍රේල් මාසයේ දී මෙම අගය වාර්තා වී තිබුණේ 4.7%ක් වශයෙනි.

අප්‍රේල් මාසයේ දී 1.1% ක් ලෙස වාර්තා වූ ආහාර කාණ්ඩයේ ලක්‍ෂ්‍යමය උද්ධමනය මැයි මාසයේ දී 1.5% ක් දක්වා වැඩි වී ඇති අතර ආහාර නොවන කාණ්ඩයේ උද්ධමනය, අප්‍රේල් මාසයේ දී වාර්තා වූ 7.8% සිට මැයි මාසයේ දී 8.6%ක් දක්වා වැඩිවීම මෙලෙස ජාතික උද්ධමනය මැයි මාසයේ දී ඉහළ යාමට විශාල වශයෙන් බලපා ඇති බවයි ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද නවතම වාර්තාවෙහි සඳහන් වන්නේ.

කොළඹ පාරිභෝගික මිල දර්ශකයට අනුව මෙරට උද්ධමනය පසුගිය අප්‍රේල් මාසයේදී 5% මට්ටම ඉක්මවා ගොස් තිබිණි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

“රාජ්‍ය සේවය අත්‍යවශ්‍යයි. නමුත් එම සේවාවන් සැපයීම සඳහා වැය වන මුදල අධිකයි” – ජනපති අනුර

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 23, කොළඹ LNW : ශ්‍රී ලංකාවේ රාජ්‍ය...

දින තුනකට ප්‍රමාණවත් ආහාර හා ජලය නිවෙස්වල තබාගන්නැයි බ්‍රිතාන්‍යය රජය උපදෙස් දෙයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 23 : හදිසි...

චාමර සම්පත්ට නඩු 04කට ඇප. එක නඩුවකට තවදුරටත් රිමාන්ඩ්

පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායකට එරෙහිව අල්ලස් කොමිසම විසින්...

සුළි කුණාටු අවදානම හේතුවෙන් තායිවානයේ ගුවන් ගමන් 1,000කට ආසන්න සංඛ්‍යාවක් අවලංගු කෙරේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 23 : තායිවානයේ...