රගර් පැහැ ගැන්වුව නිපොන් තරු මණඩලය මැද සිට…

Date:

එහි තිබෙන අලංකාර විදුලි බල්බ වලින් වෑහෙන පාට නිපොන් වන් ය.ඒ ඔස්සේ දිවෙන විදුලිය රේඛාවන්වලින් බැබලෙන්නේ ජාතික රගර් තරුය.ඒ තරු සුපින්වත්ය.දාහක් බාධක මැද මෙවැනි සම්මනෝත්සවයක අසුන් ගන්නට ඉඩ සළස්වමින් දේශපාලන න්‍යායපත්‍ර ක්‍රීඩාවේ අභිලාෂයන්ගෙන් පරාජය කිරීමේ සංඛේත හැටියට එම සම්මාන ඔවුන්ගේ උරුමයන් වි ඇත.පයෙන් ඇදීම් අනේක වාර්යක් සිඳු කරද්දී,නීතියේ ආධිපත්‍යයට අනුව නිල ගමණක යෙදුණ ලාංකේය රගර් පොදු රාජ්‍ය මණ්ඩලීය තරගාවලියේදි පෑ හපන්කම්ද රගර් ලෝලියාගේ හිතේ ඇඳි අලුත්ම චිත්‍රයක්ය.නිපෝන් පේන්ට් රගර් ලීගයේ 2021 – 2022 සූරයන් ඇගයීමට සැකසි බිම කින්ග්ස්බරි බිමේ සූදානමින් සිටින්නේය.

නර්ථනමය රිද්මය රගර් සිත්වලට නොපෑහිණ.ඒවා පිපාසිතව,සුසර වීමට බලා උන්නේ වෙහෙසකර ට්‍රයි දිණුමකින් පසු උද්දාමයට පත්වන හැඟීමක ස්වරයටය.මහේෂ් සේනානායක මෙන්ම ක්ලිෆර්ඩ් සුරෙන්ද්‍රන් ද සිය වාග්මය මෙහෙයවීම රබර්මය නොකොට රග්ර්මය සිද්ධිවලින්ම සුවඳ ගැල් වූයේ ඒ හිස්තැන නොහිස්ව තැබිය යුතු බැවින්ය.දිගු කතාමය දෙසුම්හලක් නොවන්නට වචන වීසි කරන්නට ඉඩ ලද රගර් සභාපති රිස්ලි ඉල්ලියාස් මෙන්ම ප්‍රධාන අනුග්‍රහක භුමිකාව වෙනුවෙන් සභාව ඇමතු නිපෝන් පේන්ට් හී සාමාණ්‍යාදිකාරි නේමන්ත අබේසිංහ ද ස්තූතිය කළ රග්බි විධායක අධ්‍යක්ෂ හම්සා හිදයතුල්ලාහ් ද කතාව කෙටි කළේය.

පළිහ සූරතාවයේ අභිමානය නාවිකයන්ටය.ඔවුන්ට පමණක් දෙවැනි වූ ගුවන් හමුදාව අනු සූරයෝය.හමුදා දෙකක අයිතියට පත් පළිහ සූරතාවයේ දක්ෂතා ඇගයීම අවසානයේ වසරේ නිපොන් ලීග් සූරතාවයේ හිමිකරුවන් ඇගයීමය.ඊට මොහොතකට පෙර මේ වසරේ වඩාත්ම දක්ෂ ක්‍රීඩකයා කවුරුන්ද යන්න පැවසීමය.ඒ වටිනාකම තරින්ද රත්වත්තට ය.මහනුවර ක්‍රීඩා සමාජය වෙනුවෙන් ඔහු එකතු කළ අගයේ දත්ත පවසමින් මහේෂ් සහ ක්ලිෆර්ඩ් තරින්දගේ නම කියන්නටත් පෙර බොහෝ අය එයට ඔහුටම බව අනුමාණ කළහ.පැතිර ගිය කසු කුසුව නිවැරදි බව සනාත කරමින් අවසානයේ ක්ලිෆර්ඩ්ගේ මුවින් තරින්දගේ නම නිකුත්විණ.

නරකම කාලේට ළඟ ඉන්න මිනිස්සු ගැන ආදරෙයෙන් මතක තබා ගැනීම කළ යුතුය.මෙවර රග්ර් ලීගය අනුග්‍රාහකයෙක් නැතිව හති දමමින් දුවන මොහොතක ඊට උර දෙමින්,බර කරට ගත්තේ නිපෝන් පේන්ට්ය.ඒ අලුත් වර්ණය දීමට කෘතවේදි වෙමින්, රගර් පරිපාලනයෙන් ස්විය ස්තූතියේ සංඛේතය සේ,නිපෝන් පේන්ට් හී සාමාණ්‍යාධිකාරි නේමන්ත අබේසිංහ ට ද කෘතවේදී තිළිණයකි.
ඉනික්බිති මොහොත, ලීග් සූරතාවයේ හිමිකරුවන් අභිෂේක ගැන්වීමය.මහනුවර ක්‍රීඩා සමාජයේ නායක නයිජල් රත්වත්ත ස්වීය කණ්ඩායම පෙරටුකොට පැමිණ නිපෝන් ලීග් රග්බි සූරතාවය සියතට ගත්තේය.නිපොන් පාට තව දුරටත් නොමැකී තිබන බවට නේමන්ත අබේසිංහයන්ගෙන් ලැබුණු ආදරයත්,ශක්තියත් කැටි වූ ඉඟිය මෙන්ම තවත් සැඟ වී ඇති තැන් වර්ණවත් කරමින් රගර් පරාසය පුළුල් කරන්නට ඇති උවමනාවේ හඬ ගෙනා රිස්ලි ඉල්ලියාස් ද තැබුවේ වඩාත් පැහැදිළි හෙටකි.ඒ රගර්මය පැහැදිළි හෙට රිස්ලි ඉල්ලියාස් සතුවම තිබිය යුතු නැත.ඔහු පාන මඟ රගර් හී පෞරශ්‍යයටනම්,අභිමානයටනම් සුරැකිය යුත්තේ එයය.තිබිය යුතුතේ එයය.කකුළෙන් නො’ඇඳ මේ මොහොත හෙට වෙනුවෙන් අවුල් නොකළ යුතු බව කියන්නේ ද එබැවින්ය.

RM

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පොහොර මිල වැඩිකරලත් නෑ.හිඟයකුත් නෑ – අනවශ්‍ය වැඩ එපා. නීතිය ක්‍රියාත්මකයි!

කොළඹ LNW: පොහොර හිඟයක් ඇති කිරීමට හෝ අධික මිලට...

ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ඉරානයේ මියගිය සංඛ්‍යාව 400 දක්වා ඉහල යයි

සටහන: සශිකලා මධුෂාණිජුනි 21; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ජූනි 13 වන...

බදුල්ලේ බස් අනතුරක්: දෙදෙනෙකු ජීවිතක්ෂයට..25 ක් රෝහලට!

රෂිකා හෙන්නායක ජූනි 21, කොළඹ LNW : අද සවස, බදුල්ල...

පාකිස්ථානය, ඊශ්‍රායලයේ ‘sugar daddy’ නොබෙල් ත්‍යාගයට නම් කිරීමට සැරසේ

සටහන: සශිකලා මධුෂාණිජුනි 21; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් ජනපද ජනාධිපති...