සෙංකෝලය උස්සපු හැටි ගෙදර ගිහින් මහප්පාගෙන් අහගන්න – අධිකරණ ඇමතිට රංජිත්ගෙන් පිළිතුරු

පාර්ලිමේන්තුවේ සෙංකෝලය උදුරාගෙන ගිය ආකාරය ගැන අධිකරණ ඇමති හර්ෂණ නානායක්කාර මහතා ඔහුගේ මහප්පා වන වාසුදේව නානායක්කාර මහතාගෙන් අසා දැනගත යුතු බව සමගි ජන බලවේගයේ මහලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා පවසයි.

“මෙතන අපේ අධිකරණ ඇමතිතුමා කිව්වා පාර්ලිමේන්තුවේ ශිෂ්ඨත්වය ගැන. හැසිරෙන හැටි හරි නෑ කිව්වා. මම එතුමාට කියන්න ඕනෙ ගෙදර ගිහිල්ලා මහප්පාගෙන් අහන්න, වාසුදේව නානායක්කාර මහත්තයාගෙන්, එතුමා තමයි මේ සෙංකෝලය ඉස්සෙල්ලාම උස්සනවා අපි දැක්කේ. එතුමා ශිෂ්ඨාචාරය ගැන කතා කරනවා. ඒකත් අශිෂ්ඨයි, බොහොම හොඳයි, ගෙදර ගිහිල්ලා අහන්න … තමුන්නාන්සෙට මතක් කරලා දෙන්නයි මම කතා කළේ. තමුන්නාන්සෙ ඒ අශිඨත්වයත් ටිකක් බලන්න ගෙදර ගිහිල්ලා”

රංජිත් මද්දුම බණ්ඩාර මහතා මේ බව පැවසුවේ ඊයේ (25) පාර්ලිමේන්තුව අමතමිනි. හර්ෂණ නානායක්කාර අමාත්යවරයා ඒ අවස්ථාවේදී ඔහුට බාධා කරන ආකාරය ද දක්නට ලැබිණි.

මෙම නානායක්කාර පවුලේ තිදෙනෙකු පක්ෂ තුනකින් ඇමතිකම් ලබාගැනීම විශේෂ තත්වයකි. වාසුදේව නානායක්කාර මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ආණ්ඩුවලින් ඇමතිකම් ලබාගත් අතර හේමකුමාර නානායක්කාර මහතා එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවකින් කෘෂිකර්ම අමාත්‍ය ධුරයට පත්විය. මේ වනවිට හර්ෂණ නානායක්කාර මහතා ජාතික ජන බලවේගයේ ආණ්ඩුවේ අධිකරණ ඇමති ධුරයට පත්වී සිටී.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නවරාත්‍රී පූජාව අගමැතිනියගේ සහභාගීත්වයෙන් පාර්ලිමේන්තුවේදී සමරයි!

කොළඹ LNW:ශ්‍රී ලංකාවේ බහු-ආගමික සහජීවනය සංකේතවත් කරමින්, පාර්ලිමේන්තු පරිශ්‍රයේ...

සොයිසාපුර වෙඩි තැබීමෙන් හෝටල් හිමිකරු මියයයි

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 20, කොළඹ LNW : මොරටුව සොයිසාපුර ප්‍රදේශයේදී...

හූති ප්‍රහාර වලින් ආරක්ෂා වීම සඳහා බ්‍රිතාන්‍යය, සෞදියට ප්‍රහාරක ජෙට් යානා ලබා දේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 20 : යේමනයේ...

CIDය ඩග්ලස් දේවානන්දාගේ නිවස සහ කාර්යාලය වැටලූයේ ඇයි?

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 20, කොළඹ LNW : හිටපු අමාත්‍ය ඩග්ලස්...