පාතාලයෙකුට හොර පාස්පෝට් හැදූ ජනාධිපති ලේකම් කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්වරයෙකු අත්අඩංගුවට !

සංවිධානාත්මක අපරාධකරුවෙකුට මෙරටින් පලායෑම සඳහා වෙනත් පුද්ගලයෙකුගේ නමකින් ව්‍යාජ විදේශ ගමන් බලපත්‍රයක් කූට ලෙස සකස් කිරීම සම්බන්ධයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්වරයෙකු අත් අඩංගුවට ගෙන තිබේ.

ඊයේ (26) පස්වරුවේ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යංශයේ මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ විමර්ශන අංශය විසින් මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ ජනාධිපති ලේකම් කාර්යාලයේ පාර්ලිමේන්තු හා අමාත්‍ය මණ්ඩල අංශයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්වරයෙකු වන මහනුවර ප්‍රදේශයේ පදිංචි 41 හැවිරිදි අයෙකි.

සැකකරු මීට පෙර ආගමන විගමන දෙපාර්තමේන්තුවේ විදේශ දූත මණ්ඩල අංශයේ නියෝජ්‍ය පාලකවරයා වශයෙන් සේවය කර ඇති අතර එම කාලය තුළ මෙම අපරාධය සිදුකර ඇතැයි බවට දැනට සිදු කරන ලද විමර්ශනයේදී අනාවරණය වී ඇති බවයි පොලීසිය පවසන්නේ.

අපරාධ, රථවාහන, ළමා හා කාන්තා අපයෝජන නිවාරණ විමර්ශන දිසාව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කු, මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති චන්දන කොඩිතුවක්කු සහ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කමල් ආරියවංශ යන මහත්වරුන්ගේ අධීක්ෂණය හා විමර්ශනයක ප්‍රථිපලයක් මත මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති බවත් සිද්ධිය සම්බන්ධයෙන් මධ්‍යම අපරාධ විමර්ශන කාර්යංශය විසින් වැඩිදුර විමර්ශන සිදුකරන බවත් පොලීසිය වැඩිදුරටත් සඳහන් කරයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පුත්තලම මුහුදු තීරයේදී බීඩි කොළ සමඟ බෝට්ටු 04ක් අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 22, කොළඹ LNW : උඩප්පුවට ඔබ්බෙන් වූ...

සුරේෂ් සලේගේ රිට් පෙත්සම සහ අභියාචනාධිකරණ තීන්දුව

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 22, කොළඹ LNW : රාජ්‍ය බුද්ධි සේවයේ...

ශ්‍රීලන්කන් ගුවන් සේවය හැකර් ප්‍රහාර වාර්තා ප්‍රතික්ෂේප කරයි…

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 22, කොළඹ LNW : ශ්‍රීලන්කන් ගුවන් සේවය...