*
Tuesday, September 24, 2024
spot_img

Latest Posts

පුවිදරන්ගේ රිට ඉහළටම (ජූනි මාසයේ LNW සටහන සමඟ කියවන්න)

අපි මීට මාස කිහිපයකට පෙර 2022 වසරේ ජූනි 10 දා, යාපනයේ සිට පැමිණ රිටි පැනීමේ සූර අරුන්තවරාස පුවිතරන්ගේ මීටර් 5.00 ක රිටි පිමිම් ගැන විශේෂ සටහනක් කළෙමු පුවිතරන්ගෙන් නොනැවතී අප ඔහුගේ පුහුණුකරු වන කනගදීපන් ගෝපාලන් සහ ඔහුගේ රිටි පැනීමේ බල ඇණියේම සුවිශේෂිතාවය එහි සටහන් කළෙමු. 

ඒ පුවිතරන් 2023 පැවත්වෙන ආසියානු මලල ක්‍රිඩා සූරතාවලියේ තේරීම් තරගවලදී, ඒ සටහනේ බලාපොරොත්තුවේ ඉදිරි පියවර ස්පර්ශ කළේ මීටර් 5.15 ක නව ශ්‍රී ලංකා වාර්තාවක් සහිත පිම්මකින්ය.ශ්‍රී ලංකාවේ අඩු අවධානයක් සහිත ඉසව්වක් වන මෙම ඉසව්වේ මීටර් 5.00 සීමාව ඉක්මවා ගිය තිදෙනාම මේ ඉසව්වට සහභාගි වූ අතර වාර්තාව දරා සිටි ඉෂාර සඳරුවන්ට හිමි වූයේ තෙවන තැනය.ඔහු දැක් වූ දක්ෂතාවය මීටර් 4.80 ක් පමණි.එරන්ද ජනිත් දෙවන තැනට පැමිණියේ මීටර් 4.90 ක උසක් තරණය කරමින්ය.

කුඩම්මාගේ සැළකිළි ලබන ඉසව්වක් වන රිටි පැනිම ඉසව්ව ජාත්‍යන්තර ජයග්‍රහණ සඳහා රැඟෙන ගිය ක්‍රීඩකයා ඉෂාර සඳරුවන් වූ අතර ඔහු 2016 දකුණු ආසියාතික ක්‍රීඩා උළෙලේ රන් පදක්කම්ලාභියා ද විය.නමුත් රටේ තරගකාරීත්වය තුළ පමණක් විශාල වැඩීමක් නැතුව මෙම ඉසව්වේ වර්ධනය ඉතා හෙමින් සිඳුවීම කණගාටුවකි.කාන්තා අංශයේ රිටි පැනීම ඉකුත් කාලයේ පැවති සෑඹ තරග අවස්ථාවකදීම නව ජාතික වාර්තාවකින් කෙළවර කිරීමට සචිනි පෙරේරා සමත් වූවාය.නමුත් ඇයට කිසිඳු විදේශ තරගයකට අවස්ථාව නොලැබෙන සඳ,ඇය ක්‍රීඩාවෙන් පමණක් නොව රටෙන්ද දුරස් වූවාය.

බොහෝ විට ක්‍රීඩාවේදී දස්කම්වලට අමතරව ඉදිරියට යාමට සේවය කරන ස්ථානයද වැදගත් බව මලල ක්‍රීඩා කේෂ්ත්‍රයේ රහස්‍යමය වුව,ප්‍රසිද්ධ කියමනකි.ඒ අනුව හෝ අරුන්තවරාසා පුවිතරන්ට මේ ඉසව්ව ශ්‍රී ලංකාවෙන් පිට තරග සඳහා ගෙන ගොස් රට ඇතුළත ඉසව්වේ මට්ටම ඉහළ ඉලක්කයකට ගෙන යන්නට අවස්ථාව ලැබෙනවානම් රටේ මලල ක්‍රීඩාවට ජයග්‍රහණයක් වනු ඇත.

මෙම ඉසව්ව විවිධ දේ නිර්මාණය කර ගනිමින් පුහුණුවිමට සිඳුව ඇති ඉසව්වකි.ඒ නිසාම තරගකරුවන්ට විවිධ තරග අවස්ථා රට තුළ පැවත්වෙන්නේ නැත.නිවැරදි ප්‍රමිතියට රට ඇතුළත මෙවැනි ඉසව්වක පැවත්වෙන තරගයක් හමුවන තෙක් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට තරග අත්දැකීමක් ගන්නට බලා සිටීමට සිඳුවන අතර එබැවින් තරගයකදී ඉදිරිපත් වන තරගකරුවන් ප්‍රමාණය අනුව තරගයක් පවත්වා නිම කිරීමට පැය තුනක් – හතරක් ගතවීම සාමාන්‍ය තත්ත්වයක්ය.එවැනි වටපිටාවක මේ ඉසව්ව ව්‍යාප්ත කරන්නට මෙන්ම විවිධ මට්ටමෙන් තරග පැවත්වෙන තත්ත්වයට රටේ ක්‍රීඩාවේ යටිතළ පහසුකම් සංවර්ධනය ද වැදගත්ය.ලංකාවේ බොහෝ ක්‍රීඩකයන්ට හමුදාවල රැකියා අවස්ථාව නැතුව පවතින්නට නොහැකිවීමේ සිටම ක්‍රීඩාවට එල්ල වී ඇති අභියෝගය පවසන්නේ ක්‍රීඩාව සඳහා ඇති පහසුකම් සහ අනුග්‍රහයන්ගේ දුබලතාවය ය.හමුදාවලින් ලැබෙන සේවය සුළු කොට තැකිය නොහැකිය.එහෙත් ඒ හැර වෙනත් විකල්පයක් නැති වීම ඛේදවාචකයක්ය.විශ්ව විද්‍යාල කිහිපයක්ම මේ වන විට ක්‍රීඩාව සම්බන්ධයෙන් උපාධි සහ ඉහළ ඩිප්ලෝමා පාඨමාලා පවත්වාගෙන යන බව අපි දනිමු.එහෙත් එසේ හදාරන අය ද නියෝජනය කරන්නෙත්,ක්‍රීඩාව සඳහා වන වැටුප් ලබන්නෙත් හමුදා සෙබළෙක් යන වෘත්තීය කැටගරිය ඇතුළේය.

ඇයි සෙබළෙක් කියන්න ලැජ්ජද?

මේ සම්බන්ධයෙන් තැනෙක ඇසුව ප්‍රශ්ණයට ප්‍රසිද්ධ පිළිතුර නැත යන්නය.නමුත් ඒ හැර වෙනත් මාර්ග නැති නිසා එසේ කරන්නටම වීම බලහත්කාරයක්ය.හමුදාව යනු බලහත්කාරකමේ ප්‍රකාශනයක් සේ පැවතීම සෙබළාට නොව නිලධාරියෙකුට හෝ ලැජ්ජා වෙන්නට අවස්ථාවක්ය.

අපි පුවිතරන්ට සුබ පතමු.

“උඹවත් පැනපං පුතේ මේ කොදෙව්වෙන් එහාට,උඹවත් කඩපං පුතේ රිට හිර කරගෙන ඉන්න රට තුළ තියෙන දුප්පත් ආකල්ප”
RM

https://sinhala.lankanewsweb.net/06/10/19716/

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan