සලේගේ පාස් වර්ඩ් ඉල්ලපු හැමෝටම අපේ රජයකින් දඬුවම් දෙනවා – ගම්මන්පිල

කොළඹ LNW:හිටපු රාජ්‍ය බුද්ධි සේවයේ ප්‍රධානී සුරේෂ් සලේගේ ජංගම දුරකථනයේ සහ ලැප්ටොප් පරිඝණකයේ මුර පද ලබා දෙන ලෙස ප්‍රකාශ කළ නලින්ද ජයතිස්ස අමාත්‍යවරයාට සහ සිරිල් ගාමිණී පියතුමා ඇතුළු සියල්ලන්ට එරෙහිව අනාගතයේ බිහිවන රජයක් යටතේ දඩුවම් පමුණුවන බව හිටපු ඇමතිවරයෙක් වූ උදය ගම්මන්පිල පවසයි.

ඔහු පවසන්නේ, විමර්ශනයට සහාය දෙන ලෙස සැකකරුවකුට බල කිරීමට කිසිවකුට නොහැකි බවයි.

එය අයුතු බලපෑමක් බවත් එය දඩුවම් ලැබිය හැකි වරදක් බවත් ඔහු තවදුරටත් සඳහන් කරයි.

කෙසේවෙතත් සිය ජංගම දුරකථනයේ සහ ලැප්ටොප් පරිඝණකයේ මුර පද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර දෙන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් සුරේෂ් සලේට නියෝග කර තිබේ.

පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාර මාලාවට අදාළ විමර්ශනයන්හි ප්‍රතිඵලයක් ලෙස සුරේෂ් සලේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන රැඳවුම් භාරයේ විමර්ශන සිදුකරමින් පසුවෙයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රුසියාවේ පළමු ඩීසල් තොගය ඇමරිකාව බලා පිටත් වේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 23 : රුසියාවෙන්...

“රාජ්‍ය සේවය අත්‍යවශ්‍යයි. නමුත් එම සේවාවන් සැපයීම සඳහා වැය වන මුදල අධිකයි” – ජනපති අනුර

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 23, කොළඹ LNW : ශ්‍රී ලංකාවේ රාජ්‍ය...

දින තුනකට ප්‍රමාණවත් ආහාර හා ජලය නිවෙස්වල තබාගන්නැයි බ්‍රිතාන්‍යය රජය උපදෙස් දෙයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 23 : හදිසි...

චාමර සම්පත්ට නඩු 04කට ඇප. එක නඩුවකට තවදුරටත් රිමාන්ඩ්

පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායකට එරෙහිව අල්ලස් කොමිසම විසින්...