සටහන: සශිකලා මධුෂාණි
ජූලි මස 02: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ගාසා තීරයේ ගැටුම් හේතුවෙන් අධ්යාපනය අහිමි වූ දරුවන්ට යළිත් ඉගෙනුම් අවස්ථා සහ ආරක්ෂිත පරිසරයක් උදාකර දීමේ අරමුණින්, ස්වීඩන් ප්රකෝටිපති රොජර් අකේලියස්ගේ නායකත්වයෙන් ක්රියාත්මක වන අකේලියස් පදනම (Akelius Foundation) විසින් ඇමෙරිකානු ඩොලර් මිලියන 76ක (ස්වීඩන් ක්රෝනා මිලියන 800ක) දැවැන්ත පරිත්යාගයක් සිදුකර තිබේ.
මෙම ව්යාපෘතිය UNICEF Sweden ආයතනය සමඟ එක්ව ක්රියාත්මක වන අතර, ගාසා තීරය පුරා පාසල් සහ ඉගෙනුම් මධ්යස්ථාන 400කට සහාය ලබාදීමට සැලසුම් කර ඇත. එමඟින් ගැටුම් හේතුවෙන් අධ්යාපනයෙන් ඈත් වූ දරුවන් 100,000කට අධික සංඛ්යාවකට යළිත් ආරක්ෂිත පරිසරයක් තුළ ඉගෙනුම් කටයුතු ආරම්භ කිරීමට අවස්ථාව සැලසෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.
මෙම පරිත්යාගය මඟින් ගැටුම්වලින් හානි වූ අධ්යාපනික යටිතල පහසුකම් ප්රතිසංස්කරණය කිරීම, අවශ්ය ස්ථානවල නව ඉගෙනුම් මධ්යස්ථාන ස්ථාපිත කිරීම, දරුවන් සඳහා ආරක්ෂිත ක්රීඩා සහ විනෝදාස්වාද කලාප සකස් කිරීම මෙන්ම වසර පහක කාලයක් පුරා පාසල් ආහාර සහ පෝෂණ සහාය ලබාදීම ද අරමුණු කර ඇත.
ගාසාහි මානුෂීය අර්බුදය මධ්යයේ දරුවන්ගේ අධ්යාපනය, ආරක්ෂාව සහ මානසික යහපැවැත්ම තහවුරු කිරීම වෙනුවෙන් සිදුකෙරෙන විශාලතම පෞද්ගලික පරිත්යාගයන්ගෙන් එකක් ලෙස මෙම පරිත්යාගය සැලකෙන අතර, අනාගත පරපුරට නව බලාපොරොත්තුවක් ගෙන දෙන පියවරක් ලෙසද එය විචාරකයන්ගේ අවධානයට ලක්ව ඇත.

