රන්මාල කැඩූ පොලිස් කොස්තාපල් මාට්ටු !

Date:

මහමග ගමන් කරමින් සිටින කාන්තාවන්ගේ රන්මාල කඩාගෙන පලායන පොලිස් කොස්තාපල්වරයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙම පොලිස් කොස්තාපල්වරයා මෙවැනි සොරකම් කිහිපයකටම සම්බන්ධ බවයි අනාවරණය වී තිබෙන්නේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන තිබෙන්නේ රත්නපුර කල්තොට පොලීසියට අනුයුක්තව කෑරගල පොලිස් මුරපොලේ රාජකාරි සිදු කරන පොලිස් කොස්තාපල්වරයෙකි.

ඇඹිලිපිටිය පනාමුර පොලිස් වසමේදී රුපියල් ලක්ෂ 02 ක් වටිනා රන් මාලයක් සහ 138,000 ක් වටිනා රන් මාලයක් කඩා ගැනීමේ චෝදනාව මත කොස්තාපල්වරයා පනාමුර පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

කටුවන පොලිස් වසම තුළදී රන් මාලයක් කොල්ලකෑමේ සිද්ධියකටද මොහු සම්බන්ධ බව අනාවරණය වී තිබෙනවා.

සැකකාර පොලිස් කොස්තාපල්වරයා සමග කොල්ලකෑම් සඳහා යතුරුපැදියෙන් ගමන් කළ බව කියන තවත් පුද්ගලයෙකුද අත්අඩංගුවට ගෙන ඇත.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ප්‍රීමා 18 වන වරටත් අනාගත තරු පිටියට ආලෝකය රැඟෙන එයි

නිශ්මං රණසිංහ නොවැම්බර් 18, කොළඹ LNW: 2025 ප්‍රීමා වයස අවුරුදු...

නැගෙනහිර යුක්රේනයට රුසියානු මිසයිල ප්‍රහාරයක්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 18, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): නැගෙනහිර යුක්රේන නගරයක්...

නමට අනුව ප්‍රසන්නත් නැති,ජයත් නැති අප්‍රසන්න පරාජිත වැඩ

නිශ්මං රණසිංහ නොවැම්බර් 18, කොළඹ LNW: පාසල් පැසි පන්දු සංගමයේ...