තිරසාර සංවර්ධන ඉලක්ක ජය ගැනීමේදී විශ්වවිද්‍යාල ප්‍රජාවේ වගකීම!

කොළඹ LNW:රුහුණ විශ්වවිද්‍යාලයේ සමාජවිද්‍යා අධ්‍යයන අංශය මගින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන “සමාජවිද්‍යා දිනය”, ඊයේ (03) රුහුණ විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත්‍ර හා සමාජීය විද්‍යා පීඨ ශ්‍රවණාගාරයේදී පැවැත්විය.

දකුණු පළාතේ ප්‍රජාව, ප්‍රතිපත්ති සම්පාදකයින්, විද්වතුන් සහ විශ්වවිද්‍යාල සිසුන් අතර අන්‍යෝන්‍ය සබඳතා වර්ධනය කිරීමේ අරමුණින්, “තිරසර දකුණ: ප්‍රජා යහපැවැත්ම සහ සංවර්ධනයට සමාජවිද්‍යාත්මක ප්‍රවේශයක්” යන තේමාව යටතේ මෙම සම්මන්ත්‍රණය පැවැත්විණි. රුහුණ විශ්වවිද්‍යාලයේ උපකුලපති, ජ්‍යෙෂ්ඨ මහාචාර්ය පී.ඒ. ජයන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම උත්සවයේ ප්‍රධාන දේශනය, ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිල මහතා විසින් පවත්වන ලදී.

අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිල මහතා රුහුණ විශ්වවිද්‍යාලයෙන් සමාජවිද්‍යා ගෞරව උපාධිය ලබා, සමාජ විද්‍යාඥයෙකු සහ සමාජ පර්යේෂකයෙකු ලෙස තම වෘත්තීය ජීවිතය ආරම්භ කළ, ජාතික හා ජාත්‍යන්තර වශයෙන් වසර ගණනාවක අත්දැකීම් ඇති විද්වතෙකි.

2009 වර්ෂයේදී රුහුණ විශ්වවිද්‍යාලයේ සමාජවිද්‍යා අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයෙකු ලෙස සම්බන්ධ වූ ඒ මහතා, පසුව මහාචාර්ය දූරයට පත්වූ අතර්, එම දෙපාර්තමේන්තුවේ අංශාධිපති ලෙසත්, මානව ශාස්ත්‍ර හා සමාජීය විද්‍යා පීඨයේ පීඨාධිපති ලෙසත් කටයුතු කර ඇත. ශාස්ත්‍රවේදි ගෞරව,දර්ශනපති හා දර්ශන විශාරද උපාධි ලබා ඇති ඔහු නෝවේජියානු යුනිවර්සිටි ඔෆ් ලයිෆ් සයන්ස් (Norwegian University of Life Sciences) මගින් පිරිනමන ලද පශ්චාත් ආචාර්ය උපාධි පර්යේෂණ ශිෂ්‍යත්වය දිනාගනිමින්, ජාත්‍යන්තර විශ්වවිද්‍යාල සමඟ ඒකාබද්ධ ව්‍යාපෘති ගනනාවක් ක්‍රියාත්මක කරමින් ශ්‍රී ලංකාවේ සිසුන් හා ආචාර්යවරුන් සඳහා දැනුම හුවමාරු කර ගැනීමේ වැඩසටහන් දියත් කළේය. සංවර්ධනය පිළිබඳ සමාජවිද්‍යාව, ග්‍රාමීය සමාජවිද්‍යාව, ගැටුම් සහ සමාජය පිළිබඳ අධ්‍යයනයන්, ස්ත්‍රී පුරුෂ සමාජභාවය සහ ගෝලීයකරණය පිළිබඳ අධ්‍යයන ඔහුගේ ශාස්ත්‍රීය කෘති අතර වේ.

එහිදී අමාත්‍යවරයා “සුබසාධනයේ සිට සවිබලගැන්වීම දක්වා: ශ්‍රී ලංකාවේ ප්‍රජා යහපැවැත්ම සහ සංවර්ධනය සඳහා තිරසාර ප්‍රතිපත්ති මාර්ග” යන තේමාව යටතේ ජාතික හා ජාත්‍යන්තර වශයෙන් සුබසාධනය හා සවිබලගැන්වීම පිළිබඳ අත්දැකීම් ඇතුලත් විද්වත් දේශනයක් පැවැත්වීය. නිදහසින් පසු ශ්‍රී ලංකාවේ දිළිඳුකම තුරන් කිරීම සඳහා භාවිත කළ උපාය මාර්ග සහ ඒවායේ සාර්ථක හා අසාර්ථක භාවයන් පිළිබඳව එතුමා කරුණු පැහැදිලි කළේය. වර්තමාන රජය යටතේ දිළිඳුකම තුරන් කිරීම සඳහා ක්‍රියාත්මක වන “ප්‍රජා ශක්ති” ජාතික වැඩසටහන පිළිබඳව ද ඒ මහතා සභාව දැනුවත් කළේය.

එසේම, රටේ සංවර්ධනය සඳහා විශ්වවිද්‍යාල පද්ධතිය මගින් ඉටු විය යුතු කාර්යභාරය පිළිබඳව ද අමාත්‍යවරයා අවධානය යොමු කළේය. තිරසාර සංවර්ධන ඉලක්ක අත්පත් කර ගැනීමේදී සහ අවවරප්‍රසාදිත ජනතාව සවිබලගැන්වීමේදී විශ්වවිද්‍යාල ප්‍රජාවට පැවරෙන වගකීම එතුමා විශේෂයෙන් අවධාරණය කළේය.

මෙම අවස්ථාවට කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මිය, දකුණු පළාත් ආණ්ඩුකාර ආචාර්ය සුසිරිපාල මානවඩු මහතා, රුහුණ විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත්‍ර හා සමාජීය විද්‍යා පීඨයේ පීඨාධිපති රේණුක ප්‍රියන්ත මහතා, සමාජවිද්‍යා අධ්‍යයන අංශයේ අංශාධිපති ආචාර්ය ගයත්‍රි විජේසුන්දර මහත්මිය, සම්මානිත මහාචාර්යවරුන්, විශ්වවිද්‍යාල ආචාර්යවරුන්, සම්භාවනීය අමුත්තන්, සමාජ ක්‍රියාකාරීන්, ප්‍රදේශවාසීන් සහ සිසුන් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉතිහාසයේ අදවන් දිනෙක ‘ තෝමස් එඩිසන්ගේ ආලෝකයේ සිහිනය’

සටහන: සශිකලා මධුෂාණී ඉතිහාසයේ අදවන් දිනෙක එනම් 1879 ඔක්තෝබර් 22...

සයිබර් ආරක්ෂණ අවදානමක් හේතුවෙන් ලොව පුරා වෙබ් අඩවි රැසක් තාවකාලිකව අක්‍රිය කෙරේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 22 : අන්තර්ජාලයේ...

අඩු පීඩන කලාපය හේතුවෙන් ප්‍රදේශ රැසකට තද වැසි – කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රී ලංකාව ආසන්නයේ පැවති පහළ වායුගෝලීය...

හූනියම් කරලා ජනපති අනුරව ඝාතනය කිරීමට සැලසුම් කරන භික්ෂූන්ට එරෙහිව පියවර ගන්න – මාලිමාවේ ගීතිකා ආරක්ෂක අංශවලින් ඉල්ලයි

විහාරමහාදේවී උද්‍යානයට රැස්ව සිටින භික්ෂූන් ඇතුළු පිරිසක් යාතුකර්ම, බලි...