ආශිකා බ්රාහ්මණ
කොළඹ LNW:බස්නාහිර පළාතේ ඩෙංගු අධි අවදානම් කලාප 23ක් ආවරණය වන පරිදි හෙට (05) සිට විශේෂ ඩෙංගු මර්දන මෙහෙයුමක් ක්රියාත්මක කිරීමට තීරණය කර තිබේ.
ක්ලීන් ශ්රී ලංකා වැඩසටහනේ සම්බන්ධීකරණයෙන් එය ක්රියාත්මක කරන අතර සෞඛ්ය අංශ, ත්රිවිධ හමුදාව, ශ්රී ලංකා පොලීසිය, දිස්ත්රික් ලේකම් කාර්යාල, ප්රාදේශීය ලේකම් කාර්යාල, පළාත් පාලන ආයතන මෙන්ම ස්වේච්ඡා සංවිධාන ඇතුළු රාජ්ය හා ප්රජා නියෝජිත පාර්ශ්ව රැසක් එක්ව සිටියි.
ඩෙංගු මර්දනය සඳහා ජනතා සහභාගිත්වය ඉහළ නංවා ගනිමින් බස්නාහිර පළාතේ ඩෙංගු අධි අවදානම් කලාප 23ම ආවරණය වන පරිදි මෙම ඒකාබද්ධ මෙහෙයුම ක්රියාත්මක කිරීමට නියමිතයි.
ඊයේ (03) දිනය තුළත් ඩෙංගු රෝගීන් 1100ක් පමණ වාර්තා වී තිබෙන බවද ජාතික ඩෙංගු මර්දන ඒකකයේ වැඩබලන අධ්යක්ෂ වෛද්ය කපිල කන්නන්ගර මහතා කියා සිටියි.
මරණ ගණනද 39ක් දක්වා වැඩි වී තිබේ.
ඒ අනුව මේ වන විට ඩෙංගු රෝගීන් 58810ක් වාර්තා වී ඇති බව වෛද්ය කපිල කන්නන්ගර මහතා පවසයි.
තවදුරටත් රෝගීන් වාර්තා වීම සිදුවන අතර සෞඛ්ය අංශ රෝගී සත්කාර ආදිය වෙනුවෙන් කැපවී සිටින මොහොතක ඩෙංගු ව්යාප්තිය පාලනය කරගැනීම වෙනුවෙන් පූර්ණ වගකීමෙන් මහජනතාව කටයුතු කළ යුතු බව ඔහු අවධාරණය කරයි.


