පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ ව්‍යාපාර කටයුතු තවදුරටත් අත්හිටුවයි !

සටහන – රුවන් නෙළුගොල්ල

බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ ව්‍යාපාර කටයුතු තවදුරටත් අත්හිටුවීමට ශ්‍රී ලංකා මහ බැංකුව තීරණය කර තිබේ.

ඒ අනුව ඊයේ (ජුලි 05) පස්වරු 04.30 සිට බලපැවැත්වෙන පරිදි තවත් මාස 06ක කාලසීමාවක් සඳහා අදාළ සමාගමේ ව්‍යාපාර කටයුතු අත්හිටුවා ඇති බවයි ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කර ඇත්තේ.

පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ ප්‍රාථමික අලෙවිකරුවකු වශයෙන් සිදුකළ ව්‍යාපාර කටයුතු සහ ක්‍රියාකාරකම් අත්හිටුවීමට කටයුතු කර ඇත්තේ ලියාපදිංචි ස්කන්ධ හා සුරැකුම්පත් ආඥාපනත හා දේශීය භාණ්ඩාගාර බිල්පත් ආඥාපනත යටතේ නිකුත් කරන ලද නියෝගයන්ට අනුව, ශ්‍රී ලංකා මහ බැංකුව විසින් කරනු ලබන විමර්ශන කටයුතු තවදුරටත් සිදුකරගෙන යාමේ අරමුණින් යුතුව බවත් එම නිවේදනයේ සඳහන්.

පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරු වන්නේ 2015 වසරේදී මහබැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ අර්ජුන් අලෝෂියස් ය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නිහඬ මූර්තිවලටත් ජීවයක් තිබේද? ඇස් රවටන අපූරු කලා නිර්මාණ කිහිපයක් අදත්!

සටහන – පුලී ඔක්තෝම්බර් 21, LNW (කොළඹ): සමහර විට ජීවය දැනෙන්නට හුස්මක්...

චාල්ස් රජු අරාබි බසින් ඕමාන සුල්තාන්වරයා පිළිගනී!

සටහන – පුලී ඔක්තෝම්බර් 21, LNW (කොළඹ): බ්‍රිතාන්‍යයේ චාල්ස් රජු, ඕමාන...

මස්ක් ඩොලර් බිලියන 10ක් වටිනා SpaceXහි කොටස් ඇමරිකානු දරුවන්ට පිරිනැමීමට සැරසේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 21: ලොව ප්‍රමුඛතම...

ආණ්ඩුවේ යටි හිත!

උපාලි කොළඹගේ කොළඹ LNW:මේ දිනවල ආණ්ඩු වේ යෝජිත නව පනත්...