පියාගේ අවමංගල්‍යයටවත් නව ඉරාන නායක මොජ්ටබා කමේනි නොපැමිණෙයි; අනුමාන තවදුරටත් ඉහළට!

සටහන – පුලී

ජූනි 06, LNW (කොළඹ): ඉරානයේ හිටපු උත්තරීතර නායක අයතොල්ලා අලි කමේනිගේ රාජ්‍ය අවමංගල්‍ය උත්සවයට ඔහුගේ පුත්‍රයන් තිදෙනෙකු සහ ඉහළ රාජ්‍ය නිලධාරීන් රැසක් එක්ව සිටියද, නව උත්තරීතර නායක ලෙස පත් කළ මොජ්ටබා කමේනි එම අවස්ථාවට නොපැමිණීම ජාත්‍යන්තර අවධානයට ලක්ව තිබේ.  

අවමංගල්‍ය උත්සවයට මසුද්, මොස්ටෆා සහ මේසම් කමේනෙයි යන සොහොයුරන් තිදෙනා සහභාගී වූ අතර, ඉරාන ජනාධිපති මසූද් පෙසෙෂ්කියන්, විප්ලවවාදී ආරක්ෂක බලකායේ ප්‍රධානී අහ්මඩ් වහීදි ඇතුළු ජ්‍යෙෂ්ඨ රාජ්‍ය සහ හමුදා නිලධාරීන් ද එහි පෙනී සිටියහ.  

මොජ්ටබා කමේනි පසුගිය මාර්තු මාසයේ නව උත්තරීතර නායකයා ලෙස පත් කිරීමෙන් අනතුරුව ප්‍රසිද්ධියේ පෙනී සිට නැති අතර, ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන් විවිධ අනුමාන පළවෙමින් පවතී. වාර්තා කිහිපයකට අනුව, ඔහු සිය පියා මියගිය එක්සත් ජනපද–ඊශ්‍රායල් ගුවන් ප්‍රහාරවලදී තුවාල ලැබූ බවටද අනුමාන පවතී. කෙසේ වෙතත්, ඒ පිළිබඳ නිල තහවුරු කිරීමක් මෙතෙක් නිකුත් වී නොමැත.  

1989 වසරේ සිට ඉරානයේ උත්තරීතර නායකයා ලෙස කටයුතු කළ අලි කමේනිගේ රාජ්‍ය අවමංගල්‍ය කටයුතු පසුගිය සිකුරාදා ආරම්භ වූ අතර, ඉදිරි දින කිහිපය තුළ ඉරානය සහ ඉරාකය පුරා විශේෂ ශෝක උත්සව පැවැත්වීමට නියමිතය. 

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නව ත්‍රස්ත පනත් කෙටුම්පත සහ කැබිනට් පැහැදිලි කිරීම

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 20, කොළඹ LNW : රජය විසින් පාර්ලිමේන්තුවට...

සරණ ගුණවර්ධනගේ බිරිඳ ඔක්තෝබර් 30 දක්වා තවදුරටත් රිමාන්ඩ්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 20, කොළඹ LNW : අල්ලස් කොමිෂන් සභාව...

විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ කාලයදීර්ඝ කරයි!

කොළඹ LNW:විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ කාලය 2026 දෙසැම්බර්...

ඇතුල්කෝට්ටේ පිහිටි නිපෝන් මාවත ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මහ නගර සභාවට පැවරේ!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 20 , කොළඹ LNW : ශ්‍රී ජයවර්ධනපුර...