රෂිකා හෙන්නායක ජූලි 06, කොළඹ LNW :
මීගමුව බන්ධනාගාරය තුළ නැවත වරක් උණුසුම් සහ නොසන්සුන්කාරී තත්ත්වයක් හටගෙන ඇති බව අතර පවතින අවදානම් තත්ත්වය පාලනය කිරීම සඳහා පොලිස් විශේෂ කාර්ය බළකාය සහ කැරලි මර්දන ඒකකය එම ස්ථානයට කැඳවා ඇති බව සඳහන් වේ.
බන්ධනාගාර පරිශ්‍රය තුළින් දිගින් දිගටම වෙඩි ශබ්ද ඇසෙන බව එහි සිටින ප්‍රාදේශීය වාර්තාකරුවන් තහවුරු කරයි.
ආරක්‍ෂක අංශ මේ වන විට බන්ධනාගාර පිවිසුම් දොරටුව අසල ආරක්‍ෂාව දැඩි කිරීමට පියවර ගෙන තිබේ.
ඊයේ ( 05) දින මීගමුව බන්ධනාගාරයේ ඇතිවූ ගැටුමකින් රැඳවියන් දෙදෙනෙකු මියගොස් 39 දෙනෙකු තුවාල ලබා තිබුණු අතර, එම ගැටුම මේ වන විට සමථයකට පත්ව ඇතැයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව අද දිනයේ බීබීසී සිංහල වෙත පැවසූ නමුත්, බන්ධනාගාරය තුළ නැවතත් නොසන්සුන්තාවයක් ඇතිව තිබෙන බව වාර්තා වේ.
තුවාල ලැබූ බවට නිරීක්ෂණය වන බන්ධනාගාර රැඳවියන් සහ බන්ධනාගාර නිලධාරීන් කිහිප දෙනෙකු බන්ධනාගාරයෙන් පිටතට ගෙන ගිය බවද වාර්තා වේ.


