රෂිකා හෙන්නායක ජූලි 06, කොළඹ LNW :
මීගමුව බන්ධනාගාරය තුළ ඇති වූ දරුණු ගැටුමෙන් සහ නොසන්සුන්කාරී සිදුවීමෙන් පුද්ගලයින් 25 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර, මියගිය පිරිසට බන්ධනාගාර නිලධාරීන් පස් දෙනෙකු සහ රැඳවියන් විසි දෙනෙකු ඇතුළත් වේ.
තුවාල ලැබූ 100කට අධික පිරිසක් රෝහල්ගත කර ඇති අතර, ඉන් බරපතළ තත්ත්වයේ පසු වූ කිහිප දෙනෙකු වැඩිදුර ප්රතිකාර සඳහා කොළඹට මාරු කර යවා ඇත.
තත්ත්වය පාලනය කිරීම සඳහා පොලිස් විශේෂ කාර්ය බළකාය සහ හමුදාව කැඳවා ඇති අතර, ගුවන් හමුදාව මගින් ඩ්රෝන යානා සහ හෙලිකොප්ටර් යොදාගෙන නිරීක්ෂණ කටයුතු සිදු කර තිබේ.
ආරක්ෂක අංශ මැදිහත් වී බන්ධනාගාරයේ පාලනය නීතිය යටතට ගැනීමට දැඩි උත්සාහයක නිරත වූ බව මෙහි වැඩිදුරටත් සඳහන් වේ.

සබැඳි පුවත්..


