රෂිකා හෙන්නායක ජූලි 08, කොළඹ LNW :
මීගමුව බන්ධනාගාරයේ ඇති වූ ප්රචණ්ඩකාරී ගැටුමින් අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත් වූ බන්ධනාගාර නිලධාරීන් සත්දෙනා වෙනුවෙන් අවසන් ගෞරව දක්වයි. එහිදී අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්ය හර්ෂණ නානායක්කාර මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් වැලිකඩ බන්ධනාගාරය වෙත පැමිණ මියගිය නිලධාරීන් වෙනුවෙන් සිය ශෝකය ප්රකාශ කර තිබේ.

මෙම අවස්ථාවට බන්ධනාගාර නිළධාරී සහ රාජ්ය නිලධාරීන් විශාල පිරිසක් සහභාගී වී ඇත්තේ එම නිලධාරීන් ඉටුකළ සුවිශේෂී සේවය අගය කිරීම සඳහාය.

එහිදී තම සගයන්ගේ වියෝව වෙනුවෙන් බන්ධනාගාර නිළධාරීන් මෙලෙස ශෝකය ප්රකාශ කළේ දැඩි ශෝකයට හා කම්පනයට පත් වෙමිනි.





