2023 වසරේ වැල්ලවත්ත මුහුදුබඩ මාර්ගයේදී (Marine Drive) බීමතින් රිය පදවා අනතුරක් සිදුකිරීමට අදාළව ගොනුකර ඇති නඩුවේ එක් චෝදනාවකට මහජන ආරක්ෂක අමාත්යාංශයේ වත්මන් ලේකම් සහ විශ්රාමික ජ්යේෂ්ඨ නියෝජ්ය පොලිස්පති රවී සෙනෙවිරත්න මහතා අධිකරණය හමුවේ වරද පිළිගෙන තිබේ.
ඒ අනුව, ‘රිය අනතුරක් වළක්වා නොගැනීම’ යන පළමු චෝදනාවට වරද පිළිගත් ඔහුට රුපියල් 2500ක දඩ මුදලක් පැනවීමට ගල්කිස්ස මහෙස්ත්රාත් කාංචනා නෙරංජලා සිල්වා මහත්මිය ඊයේ (09) නියම කළාය.
මෙම නඩුව ඊයේ දිනය්දී කැඳවා තිබුණේ පළමු චෝදනාව සම්බන්ධයෙන් දඬුවම් නියම කිරීමට මෙන්ම, නඩුවේ දෙවන සහ තෙවන චෝදනා වන ‘අපරීක්ෂාකාරීව රිය පැදවීම’ සහ ‘බීමත්ව රිය පැදවීම’ යන චෝදනා ඉදිරියට පවත්වාගෙන යනවාද නැද්ද යන්න සම්බන්ධයෙන් තීන්දුව ප්රකාශ කිරීම සඳහා ය.
එම ඉතිරි චෝදනා දෙක සම්බන්ධයෙන් නඩුව විභාගයට ගැනීමටත් පළමු චෝදනාව සඳහා පැනවූ දඩ මුදල ගෙවීමටත් නඩුව අගෝස්තු 20 වනදා යළි කැඳවීමට ගල්කිස්ස මහේස්ත්රාත්වරිය වැඩිදුරටත් නියෝග කළාය.


