රෂිකා හෙන්නායක ජූලි 10, කොළඹ LNW :
අල්ලස් ලබාගැනීමේ චෝදනාවකට වරදකරු වී වසර තුනක සිරදඬුවම් නියම වූ, වසර කිහිපයක් සැඟව සිටි පාතහේවාහැට ප්රාදේශීය සභාවේ හිටපු සභාපතිවරයා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගෙන ඇත.
අධිකරණය මඟින් දඬුවම් නියම කිරීමෙන් පසු ඔහු සිය පදිංචි ස්ථානයෙන් පලාගොස් ඉඹුල්ගොඩ ප්රදේශයේ රහසිගතව ජීවත් වී තිබේ.
අත්අඩංගුවට පත් සැකකරු පවසා ඇත්තේ තමන් පොලිස් උපදෙස් මත විවිධ ස්ථානවල සැඟව සිටි බව වුවද, බුද්ධි තොරතුරකට අනුව සිදුකළ මෙහෙයුමකින් ඔහු කොළඹ මහෙස්ත්රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට කටයුතු යොදා ඇත.
සභාපතිවරයා අත්අඩංගුවට ගැනීම හරහා දීර්ඝ කාලයක් තිස්සේ මඟහැර සිටි අධිකරණ තීන්දුවක් බලාත්මක කිරීමට බලධාරීන් සමත්ව තිබේ.


