විශ්වවිද්‍යාල ආචාර්යවරුන් වැඩවර්ජනයකට සැරසෙති…

රෂිකා හෙන්නායක ජූලි 10, කොළඹ LNW :

විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය රජයට එරෙහිව දියත් කිරීමට සැරසෙන වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් පිළිබඳව වාර්තා වේ.

2026 වසරේ පාසල්වල පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීමේ නව චක්‍රලේඛය හේතුවෙන් තම දරුවන්ට අසාධාරණයක් සිදුව ඇති බව එම සංගමය පවසයි.

වසර එකහමාරකට අධික කාලයක් රජය සමඟ සාකච්ඡා කළ ද විසඳුමක් නොලැබීම නිසා, විෂය නිර්දේශ සහ ගුරු පුහුණු වැනි සියලුම ස්වේච්ඡා අධ්‍යාපන කටයුතුවලින් ඉවත් වීමට ඔවුන් තීරණය කර ඇත.

ලබන සති දෙක තුළ නිසි ප්‍රතිචාරයක් නොලැබුණහොත් ඉදිරි අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීමෙන් ද ඉවත් වන බවට ආචාර්යවරුන් අනතුරු අඟවයි.

මෙහි ප්‍රධාන අරමුණ වන්නේ තම වෘත්තීය ගැටලුවලට බලධාරීන්ගෙන් ක්ෂණික අවධානයක් සහ විසඳුමක් ලබා ගැනීමයි.

වැඩිදුරටත් අදහස් දැක්වූ මහාචාර්ය ප්‍රගීත් වීරතුංග මහතා,

“අපි පෙරේදා දිනයේදී සියලූම විශ්වවිද්‍යාලවල ඉන්න ආචාර්ය සංගම් එකතු වෙලා අපේ ප්‍රධාන රැස්වීම අපි පැවැත්වුවා. ඒ රැස්වීමේදි අපි ඒකමතිකව තීරණය කළා අපි වෘත්තිය ක්‍රියාමාර්ගවලට යනවා. මොකද අවුරුදු එකහමාරක් තිස්සේ සාකච්ඡා කරලා ඒ සාකච්ඡාවේ ප්‍රතිඵලය විශ්වවිද්‍යාල ආචාර්යවරයාගේ දරුවා පාසලට දාගන්න බැරි නම් මේ ආණ්ඩුවත් එක්ක තවදුරටත් සාකච්ඡා කරලා තේරුමක් නෑ. ඒ නිසා අපි මූලික වශයෙන් මුලින්ම යම් යම් වෘත්තිය ක්‍රියාමාර්ගවලට යන්න අපි තීරණය කළා. විශේෂයෙන්ම සාමාන්‍ය අධ්‍යාපන කටයුතුවලට සම්බන්ධ සියලූම ස්වේච්ඡා වැඩවලින් ආචාර්යවරු ඉවත් වෙන්න. විශය නිර්දේශ ප්‍රතිසංස්කරණය, මොඩියුල් ප්‍රතිසංස්කරණය, ගුරු පුහුණුව, සම්මන්ත්‍රණ ආදී මේ කියන මේ හැමදේකටම විශ්වවිද්‍යාල ආචාර්යවරු ස්වචේඡාවෙන් සම්බන්ධ වෙන්නේ. මේ කටයුතුවලින් අපි ඉවත් වෙන්න තීරණය කළා. සති දෙකක කාලයක් මේ රජයට ලබා දෙනවා සති දෙකක කාලයක් ඇතුළත අපිට නිසි ප්‍රතිචාරයක් නොලැබුණහොත් අපි තීරණය කරනවා ඉදිරියේදී එන උසස් පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීමට අපි සම්බන්ධ වෙනවාද නැද්ද කියන එක ගැන.” ලෙස පැවසීය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකා කණ්ඩායමෙන් එංගලන්තයට එරෙහිව ඓතිහාසික ජයක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 22, කොළඹ LNW : පාකිස්තානයේ පැවති තුන්කොන්...

PHP අර්බුදය සහ විනාශයක් නොවී සිදු වූ විශාලතම සයිබර් කලබලය

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 22, කොළඹ LNW : ලොව පුරා වෙබ්...

අග්නිදිග ආසියාව විෂ දුමාරයෙන් වැසෙයි: පරිසර දූෂකයන්ට එරෙහිව නීතිමය පියවර ගන්නැයි ඉල්ලීම්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 22 : අග්නිදිග...