ලෝකේ උතුම් රට ලංකාවයි… ලංකාවයි….

උපාලි කොළඹගේ
කොළඹ LNW:ලෝකෙ උතුම් රටේ තරම කියනව නම් හොරකමට දූෂණයට භීෂණයට අත්අඩංගුවට ගෙන සිටින සැකකරුවන් වෙනුවෙන් පුවත් පත් සාකච්ඡා තියෙන, බෝධි පූජා තියෙන මුදා හරින ලෙස ආණ්ඩුවට බලකරන පෙළපාලි තියන එකම රට මේ සිරි ලංකාව විය යුතුයි

ලෝකෙ උතුම් රට ලංකාවයි කියන ගීතය හැටේ දශකයේ හරියට ජනප්‍රිය වුණු ගීතයක්. විශේෂයෙන් පාසල්වල. එයට රාජ්‍ය අනුග්‍රහය ලැබීමත් ජනප්‍රියත්වය ඉහළ යෑමට හේතු වන්නට ඇත. කොහොම වුණත් සමහර පාසල් උත්සවවල තාමත් මේ ගීතය වාදනය වෙනවා. මෙහි රචකයා එවකට අධ්‍යාපන ඇමති පදවිය දැරූ අයි. ඇම්. ආර්. ඊ. ඊරිය⁣ගොල්ල මැතිතුමා. එතුමා දේශපාලනඥයකුට අමතරව සාහිත්‍යධරයකුද වනවා.

ගීතයේ හොඳ නරක යුගයට සාපේක්ෂයි. එතුමා අද ජීවත්ව සිටියා නම් හරාකිරි ක්‍රමය අනුගමනය කරන්නත් බැරි නෑ. වර්තමාන සමාජය එතරම්ම දුගඳයි.

කිසිම විලිසංගයක් නැතු ආණ්ඩුව පෙරළන්න හොරුන්ට තක්කඩින්ට ආරාධනා කරනව. චන්ද්‍රිකාගෙ භාෂාවෙන් කිව්වොත් මෝඩ මහාචාර්යවරයා පිටිපස්සෙ තියාගෙන. චන්ද්‍රිකා කැබිනට් එකේදි මෙයා ඉන්න බව නොදැකයි අරහෙම කියල තියෙන්නෙ. ලොක්කට ඒක ඇහිල. එදා ඉඳන් චන්ද්‍රිකා එක්ක නයි වෛරයි. හැබැයි මෝඩ කියන්නත් බෑ ඇට නැති දිවෙන් හොඳටම වැඩ ගත්තෙත් ඒ මහත්තය තමයි. මොකක් හරි බොරු න්‍යායික ප්‍රශ්නයක් ඉස්සරහට දාල එහෙන් මෙහාට මෙහෙන් එහාට. තව පනින්න තියෙන්නෙ මහ මූදට විතරයි.

කොහොම වුණත් ඕනෑම පට්ට හොරෙකුට දේශපාලන ව්‍යාපාරෙකට සම්බන්ධ වෙන්න කියල ආරාධනය කරනව මම ඇහුවෙ ජීවිතේ පළවෙනි වතාවට.
ඉතින් මේක ලෝකෙන් උතුම් රට නෙමෙයිද ?

ඒ විතරක්ද අතුකෝරළ මන්ත්‍රීතුමා ඝාතන සිද්ධියේ දඬුවම් ලැබූවන්ට අභියාචනයට මහජන ආධාර පතා පුවත්පත් සාකච්ඡාවක් පැවැත්වුණු බව සමාජ මාධ්‍ය වාර්තා කළා. ඒකත් අරගලයට මුවා වෙලා කරපු වැරැද්දක් ලෙසයි මා නම් දකින්නෙ. මම නම් කොහොමටත් එවැනි සිදුවීම් පිළිකුල් සිතින් බහැර කරනවා.

ලෝකේ උතුම් රටේ පසු ගිය දිනවල තවත් මාධ්‍ය ඇසනොගැසුණු අපුසන්න දෙයක් දැක්ක. ඒ බාලවයස්කාර දැරියක දූෂ්‍ය කිරීමේ සිද්ධියට අදාළවයි. සැකකාර හිමිනම උසාවියට ගෙනා දවසේ එතැනට වැඩම නොවිය යුතු භික්ෂූන් වහන්සේ පිරිසක් වැඩ සිටීමයි. නීතිමය බාධාවක් නැතත් සදාචාරාත්මකව නම් එය අපුල දන වන ක්‍රියාවකි. සැකකාර හිමිනමගේ වැඩ ආවරණය කළ හිමියන්ද එතැනට වැඩම සිටි බව මාධ්‍ය වාර්තා කර තිබුණා.

තමන්ගේ සගයෙක් අමාරුවේ වැටුණු වි පොඩි හෙල්ප් එකක් දෙන එක මනුස්ස ස්වභාවය. නමුත් මේ වගෙ දේකට? මොන අරමුණෙන් ආවත් අපිට තේරුම් ගන්න වෙන්නෙ අපේ එකා වෙනුවෙන් අපි ආවා යන්නය.

ලෝකෙ උතුම් රටේ තව කොච්චර දේවල් සිද්ධ වෙනවද?
හිරගෙදර සිදුවූ සිද්ධියේ වරද භාරගන්නා බව කියන අධිකරණ ඇමති තවම ලජ්ජා බයෙන් තොරව එම පදවියේ සිටීමත් ලෝකේ උතුම්ම රටේ සිද්ධ වූ නවතම සිදුවීමක්.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

PHP අර්බුදය සහ විනාශයක් නොවී සිදු වූ විශාලතම සයිබර් කලබලය

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 22, කොළඹ LNW : ලොව පුරා වෙබ්...

අග්නිදිග ආසියාව විෂ දුමාරයෙන් වැසෙයි: පරිසර දූෂකයන්ට එරෙහිව නීතිමය පියවර ගන්නැයි ඉල්ලීම්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 22 : අග්නිදිග...

Harry Brookගේ ඓතිහාසික එක්දින ද්විත්ව ශතකය!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 22, කොළඹ LNW : පාකිස්තානයේ රාවල්පින්ඩි ක්‍රීඩාංගණයේදී...