සටහන – රුවන් නෙළුගොල්ල
අධිකරණ අමාත්යවරයාට එරෙහිව විපක්ෂයෙන් ගෙන එන විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තුවේදී පරාජය කිරීමට ආණ්ඩුවට හැකියාව තිබුණත් ආණ්ඩුව කෙරෙහි ජනතාවගේ විශ්වාසය භංග වී අවසන් බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්රී ජගත් විතාන මහතා පවසයි.
“මොකක්ද මේ අධිකරණ ඇමතිතුමා කරන්නෙ ? පාර්ලිමේන්තුවට ඇවිල්ලා ඔය මොකක්හරි කිව්වායින් පස්සේ තුනෙන් දෙක තියන නිසා අපි කියන ඒවාට එක එක ඒවා කිය කියා ඉන්නවා මිසක් හරි පරිපාලනයක් සිද්ධවෙනවා කියලා ඕගොල්ලෝ හිතනවාද ? අපිව පාර්ලිමේන්තුවේදී පරද්දයි, හැබැයි ජනතාව බලාගෙන ඉන්නවා විශ්වාසභංගයෙන් ආණ්ඩුවම ගෙදර අරින්න ඡන්දයක් එනකල්. ජනතාවගේ විශ්වාසය භංග වෙලා තියෙන්නෙ”
ජගත් විතාන මන්ත්රීවරයා මේ බව පැවසුවේ ඊයේ (12) මතුගම ප්රදේශයේදී මාධ්ය වෙත අදහස් දක්වමිනි.


