චීන විදේශ වෙළඳාම වසරේ මුල් භාගයේදී පළමු වරට යුවාන් ට්‍රිලියන 25 ඉක්මවයි!

කොළඹ LNW:චීනය විදේශ වෙළඳාම යහපත් වර්ධනයක් පෙන්නුම් කරනවා.

ඒ අනුව 2026 මුල් භාගයේදී, චීනයේ භාණ්ඩ වෙළඳාමේ මුළු ආනයන හා අපනයන වටිනාකම යුවාන් ට්‍රිලියන 25.47 දක්වා ළඟා වී ඇති බව චීන රේගු පරිපාලනය අද(14) අදාළ දත්ත වාර්තා නිකුත් කරමින් සඳහන් කළා.

එම වටිනාකම වසරේ මුල් භාගයේදී ට්‍රිලියන 25 ඉක්මවූ පළමු අවස්ථාව මෙයයි. එය පෙර වසරට සාපේක්ෂව 16.9% ක වර්ධනයක‍්.

ඒ අතරින්, අපනයන වටිනාකම ට්‍රිලියන 14.73ක් වන අතර එය පසුගිය වසරේ එම කාලයට සාපේක්ෂ ව 13.4%ක වර්ධනයක් බව ද වාර්තා වනවා. ආනයන වටිනාකම ට්‍රිලියන 10.74ක් වන අතර එය 22.1%ක වර්ධනයක් බව දත්ත වාර්තාවන්හි දැක්වෙනවා.

දිනූෂි ධීරසිංහ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හූති ප්‍රහාර වලින් ආරක්ෂා වීම සඳහා බ්‍රිතාන්‍යය, සෞදියට ප්‍රහාරක ජෙට් යානා ලබා දේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 20 : යේමනයේ...

CIDය ඩග්ලස් දේවානන්දාගේ නිවස සහ කාර්යාලය වැටලූයේ ඇයි?

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 20, කොළඹ LNW : හිටපු අමාත්‍ය ඩග්ලස්...

සුඩානයේ ඩ්‍රෝන ප්‍රහාර හේතුවෙන් පුද්ගලයන් 160කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 20 : සුඩානයේ...

ඇඟ බේරගන්න එක එක්කෙනාට රජය බෝලේ පාස් කරන්නේ කොහොමද කියලත් අපි දන්නවා – නාමල්

සංවිධානාත්මක අපරාධකරුවන්ගේ ලාංඡන පච්චයක් ගහන් ඉන්නවා නම් අල්ලන්න පනතක්...