ප්‍රදේශ කිහිපයකට වැසි. කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

සටහන – රුවන් නෙළුගොල්ල

අද (ජුලි 17) දිනයේදී බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වියලි කාලගුණික තත්ත්වයක් පවතී.

උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් මාතලේ, හම්බන්තොට සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. (40-50) පමණ තද සුළං ඇති විය හැක.

මේ අතර අද දිනයේදී නැගෙනහිර පළාතේත් වව්නියා සහ මොනරාගල දිස්ත්‍රික්කවලත් ඇතැම් ප්‍රදේශවල දිවා කාලයේදී උණුසුම් දර්ශකය අවධානය යොමුකළ යුතු මට්ටමක පැවතිය හැකි බවත් එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ඒ සම්බන්ධයෙන් ඔවුන් නිකුත් කළ විස්තර සහිත අවවාදාත්මක නිවේදනය පහතින් දැක්වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සයිබර් ආරක්ෂණ අවදානමක් හේතුවෙන් ලොව පුරා වෙබ් අඩවි රැසක් තාවකාලිකව අක්‍රිය කෙරේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 22 : අන්තර්ජාලයේ...

අඩු පීඩන කලාපය හේතුවෙන් ප්‍රදේශ රැසකට තද වැසි – කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රී ලංකාව ආසන්නයේ පැවති පහළ වායුගෝලීය...

හූනියම් කරලා ජනපති අනුරව ඝාතනය කිරීමට සැලසුම් කරන භික්ෂූන්ට එරෙහිව පියවර ගන්න – මාලිමාවේ ගීතිකා ආරක්ෂක අංශවලින් ඉල්ලයි

විහාරමහාදේවී උද්‍යානයට රැස්ව සිටින භික්ෂූන් ඇතුළු පිරිසක් යාතුකර්ම, බලි...

ප්‍රංශයේ නොසන්සුන්තාව සම්බන්ධයෙන් ට්‍රම්ප් ඇතුළු විදේශීය නායකයන්ගේ ප්‍රකාශ මැක්‍රොන්ගේ දැඩි විවේචනයට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 22 : ජීවන...