සටහන: සශිකලා මධුෂාණි
ජූලි මස 17: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): කැනඩාව පුරා දැනට ලැව්ගිනි 800කට වැඩි සංඛ්යාවක් සක්රීයව දැවෙමින් පවතින අතර, ඒවායින් 100කට වැඩි ප්රමාණයක් පාලනයෙන් තොරව පැතිර යමින් ඇති බව බලධාරීන් පවසයි.
විශේෂයෙන් ඔන්ටාරියෝ, මැනිටෝබා සහ සැස්කැචුවාන් ප්රාන්තවලින් නැගී එන ඝන දුම් වලාකුළු දකුණු දෙසට ගමන් කරමින්, එක්සත් ජනපදයේ මධ්යම බටහිර සහ ඊසානදිග ප්රදේශ රැසකට බලපා ඇත. මේ හේතුවෙන් නිව් යෝර්ක්, මිචිගන්, විස්කොන්සින්, මැසචුසෙට්ස් ඇතුළු ප්රාන්ත රැසක වායු ගුණාත්මකභාවය පිළිබඳ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.
ටොරොන්ටෝ නගරය ලොව ප්රධාන නගර අතර ඉතාමත් නරක වායු ගුණාත්මකභාවයක් වාර්තා කළ නගරයක් බවටද පත්ව ඇති අතර, බලධාරීන් එළිමහනේ රැඳී නොසිටින ලෙසත්, විශේෂයෙන් දරුවන්, වයෝවෘද්ධයන් සහ ශ්වසන රෝග ඇති පුද්ගලයන් වැඩි සැලකිල්ලක් දක්වන ලෙසත් උපදෙස් ලබාදී තිබේ.
ලැව්ගිනිවලට හේතුව ලෙස දිගුකාලීන වියළි කාලගුණය, අධික උෂ්ණත්වය සහ අකුණු මඟින් හටගන්නා ගිනිගැනීම් සැලකෙන අතර, ඉදිරි දිනවල උණුසුම් හා වියළි කාලගුණය පවතින්නේ නම් ලැව්ගිනි ඇතිවිමේ තත්ත්වය තවදුරටත් උග්ර විය හැකි බව කාලගුණ අංශ අනතුරු අඟවා ඇත.

