කොළඹ ජාත්‍යන්තර රංග කලා උළෙල 2026!

කොළඹ LNW:වසර පහළොවකට වඩා වැඩි කාලයක් අඛණ්ඩව පත්වාගෙන එනු ලබන ශ්‍රී ලංකාවේ පැවැත්වෙන පළමු සහ එකම ජාත්‍යන්තර රංග කලා උළෙල ලෙස දැක්වෙන කොළඹ ජාත්‍යන්තර රංග කලා උළෙල මෙම වර්ෂයේත් පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

ඊට අදාළ පූර්ව දැනුම් දීමේ මාධ්‍ය හමුව ඊයේ (16) කොළඹදී පැවැත්විය.

ඒ අනුව මෙවර රටවල් 14ක නාට්‍ය නිර්මාණ 32ක් වේදිකාගත වීමට නියමිත අතර නාට්‍ය කලාවේ ප්‍රගමනය වෙනුවෙන් එය ඉමහත් කාර්යභාරයක් ඉටුකරනු ලබයි.

මෙවරත් ජාත්‍යන්තර රංග කලා උළෙලේදී දේශීය සහ විදේශීය නාට්‍යකරුවන් දෙදෙනෙකු අභිනන්දනයට පාත්‍රවන අතර, අවසන් වටය සඳහා නාට්‍ය නිර් මාණ 32 ක්, ජාත්‍යන්තර නාට්‍යකරුවන් මෙහෙයවන වැඩමුළු මාලාවක්, හලාවත සහ ඉන්දියාවේ ඇසෑම්හිදී සමගාමී උළෙලවල් තුනක් මෙන්ම, අවසන්
වටය සඳහා තේරුණු නාට්‍ය පිටපත් කෘතියක් ලෙස ප්‍රකාශයට පත් කිරීම, අධ්‍යක්ෂකවරුන් සඳහා පමණක් වෙන් වුණු අධ්‍යක්ෂකවරුන්ගේ සමුළුවක්, ජාත්‍යන්තර මට්ටමේ සම්මාන උළෙලක් මෙන්ම දේශිය නාට්‍ය නිර්මාණ 4ක් ජාත්‍යන්තරයට ගොස් සිය පළමු ජාත්‍යන්තර මංගල දැක්ම පැවැත්වීම වැනි වැඩසටහන් රැසකින් මෙවරත් කොළඹ ජාත්‍යන්තර රංග කලා උළෙල සමන්විත වේ.

ජායාරූප – අජිත් සෙනෙවිරත්න

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බස්නාහිර පළාතට අධික වර්ෂාවක් : කාලගුණයෙන් අනතුරු ඇඟවීමක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 22, කොළඹ LNW : ශ්‍රී ලංකාව ආසන්නයේ...

OHCHR ශ්‍රී ලංකා රජයෙන් කළ ඉල්ලීම!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 22, කොළඹ LNW : රාජ්‍යය ත්‍රස්තවාදයෙන් ආරක්ෂා...

දැදුරු ඔය ගංවතුර මට්ටමට – වාරිමාර්ග දෙපාර්තමේන්තුව අනතුරු ඇඟවීම් නිකුත් කරයි

කොළඹ LNW:දැදුරු ඔය ද්‍රෝණියේ ඉහළ හා මධ්‍ය ප්‍රදේශවලට ඇදහැලුණු...

පාස්කු විමර්ශන ගෝඨාභයගේ පැත්තට කැරකෙයි? කරුණා අම්මාන් හොරට UK යවපු හැටිත් හෙළිවෙයි!

කොළඹ LNW:පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාරයට අදාළ විමර්ශන අනුව...