හිටපු පොලිස්පති සී.ඩී. වික්රමරත්න මහතාට 2023 වසරේදී දිගින් දිගටම සේවාදිගු ලබාදුන් අදිසි හස්තය පිළිබඳ විමර්ශනයක් ආරම්භ කර ඇති බව අභ්යන්තර ආරංචිමාර්ග පැවසීය.
වික්රමරත්න මහතා අතුරුගිරිය ප්රදේශයේ පිහිටි තම නිවසේදී වෙඩිතබාගෙන සියදිවි නසාගෙන ඇති බව අද (17) උදෑසන වාර්තා විය.
සී.ඩී. වික්රමරත්න මහතා වැඩබලන පොලිස්පති වශයෙන් පත්කරන ලද්දේ 2019 වසරේදී පාස්කු ප්රහාරයෙන් අනතුරුව එවකට පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාව අනිවාර්ය නිවාඩු යැවීමෙන් පසුව ය. 2020 නොවැම්බර් 25 වන දින ඔහුව පොලිස්පති තනතුරේ ස්ථිර කෙරුණු අතර 2023 නොවැම්බර් 25 වනදා වනතුරුම ඔහු පොලිස්පතිවරයා වශයෙන් සේවය කළේය.
2023 මාර්තු 26 වනදා වනවිට විශ්රාම යාමට නියමිතව සිටි ඔහුට මාස කිහිපය බැගින් අවස්ථා කිහිපයකදීම සේවාදිගු ලබාදී තිබිණි. ඔහුගෙන් පසුව පොලිස්පති තනතුරට පත්වූයේ දේශබන්දු තෙන්නකෝන් ය.


