අද (ජුලි 17) දිනයේ ගනුදෙනු අවසානයේදී කොළඹ කොටස් වෙළඳපොලේ දෛනික පිරිවැටුම වාර්තා වී තිබුණේ රුපියල් මිලියන 722ක් වශයෙනි. මෙය මාස 15ක් තුළ වාර්තා වූ අඩුම දෛනික පිරිවැටුම වේ.
මීට පෙර 2025 අප්රේල් 17 වනදා රුපියල් මිලියන 792ක දෛනික පිරිවැටුමක් වාර්තා වී තිබිණි.
එමෙන්ම 2025 අප්රේල් 22 වනදාට පසු රුපියල් බිලියනයකට අඩු දෛනික පිරිවැටුමක් වාර්තා වූ පළමු දිනය ද අද දිනය වේ.
අද දිනයේදී කොළඹ කොටස් වෙළඳපොලේ සියලු කොටස් මිල දර්ශකය (ASPI) ඒකක 42.16 කින් පහළ ගොස් 21,405.41 ක් වශයෙන් සටහන්ව තිබූ අතර S&P SL20 දර්ශකය දිනය තුළ ඒකක 5.31කින් පහළ ගොස් ඒකක 5,999.68ක් වශයෙන් සටහන්ව තිබිණි.



