කටුනායකදී හසුවූ රුපියල් කෝටි 10ක කොකේන් ජාවාරම

රෂිකා හෙන්නායක ජූලි 18 කොළඹ LNW :

ඩුබායි සිට මෙරටට පැමිණි මැලේසියානු ජාතිකයෙකු රුපියල් කෝටි 10කට ආසන්න වටිනාකමකින් යුත් කොකේන් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ කටුනායක ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට ගෙන ඇත.

වයස අවුරුදු 23ක් වන මෙම සැකකරු චොකලට් බෝතල් තුළ සූක්ෂම ලෙස සඟවා තිබූ මත්ද්‍රව්‍ය කරල් 92ක් මෙරටට රැගෙන ඒමට උත්සාහ කර තිබේ.

රේගු මත්ද්‍රව්‍ය පාලන අංශය විසින් සොයාගත් මෙම මත්ද්‍රව්‍ය තොගයේ බර කිලෝග්‍රෑම් 1යි ග්‍රෑම් 816ක් බව අනාවරණය වී ඇත.

අත්අඩංගුවට ගත් විදේශිකයා සහ මත්ද්‍රව්‍ය තොගය ඉදිරි විමර්ශන සඳහා මේ වන විට පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය වෙත භාර දී තිබේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අපිට තිබ්බේ අරගලය ඇතුලේ සජිත් තියාගන්න….

මහේෂ් හපුගොඩ අපි එක අවස්ථාවක සජිත් අරගලයෙන් පලවා හරිනවා. එහෙම...

කවන්තිස්සගේ මරණය පිළිබඳ විමර්ශනයට කමිටුවක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 21, කොළඹ LNW : කවන්තිස්සට ලබා දුන්...

පීඑස්ජී සහ බාසිලෝනා පාපන්දු තරග විශේෂ අවස්ථා..

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 21, කොළඹ LNW : තරගයේ පසුබිම තරගය...

ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකාය (IRGC) දැඩි මුදල් හිගයකට මුහුණ දී ඇති බව ඇමරිකාව කියයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 21: ඇමරිකා එක්සත්...