කොළඹ LNW:අධිකරණ අමාත්ය හර්ෂණ නානායක්කාරට එරෙහි විශ්වාසභංග යෝජනාව අද (21) දිනයේ කථානායකවරයා වෙත භාරදීමට විපක්ෂය තීරණය කර ඇති බව වාර්තා වෙයි.
අද දිනයේදී පාර්ලිමේන්තුව රැස්ව සිටින අතර විපක්ෂයේ සියලු පක්ෂ ඒකාබද්ධව අදාළ විශ්වාසභංග යෝජනාව ඉදිරිපත් කිරීමට නියමිත බවයි සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්රී නීතිඥ අජිත් පී පෙරේරා පවසන්නේ.
අද දිනයේ දී පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 119 සහ 120 යටතේ තීරණ දෙකක් අනුමත කිරීම සඳහා විවාදයට ගැනීමට නියමිතව ඇති අතර
පෙරවරු 11.30 සිට පස්වරු 2.30 දක්වා විශේෂ යෝජනාවක් ලෙස විදේශ රැකියාවල නියුතු ශ්රී ලාංකිකයන්ට පූර්ණ විද්යුත් වාහන ආනයනය කිරීම සඳහා බලපත්ර ලබාදීමේ යෝජනා ක්රමය සම්බන්ධයෙන් රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව (COPA) සිදුකළ පරීක්ෂණ වාර්තාව නීතිපතිවරයා වෙත යොමු කිරීම සම්බන්ධයෙන් විවාදයට ගැනීමට නියමිතයි.
පොදු ව්යාපාර පිළිබඳ කාරක සභාව (COPE) විසින් විමර්ශනවලදී අනාවරණය කළ කරුණු සම්බන්ධයෙන් අවශ්ය නීතිමය පියවර ගැනීම සඳහා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත යොමු කිරීම සම්බන්ධයෙන් අද විවාදයක් පැවැත්වේ.
එදින පස්වරු 2.30 සිට 5.30 දක්වා මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවේ කාර්යසාධනය පිළිබඳ සභාව කල්තැබීමේ යෝජනාවක් ද විවාදයට ගනු ඇති.


