ඩොලර් ලක්ෂ 06 ක් පිල්ලි ගැසූ ජනාධිපති ආර්යාවට වසර 14 ක සිරදඬුවමක් !

Date:

හොන්ඩුරාස් රාජ්‍යයේ හිටපු ජනාධිපති ආර්යාවක වන රෝසා බොනිල්ලා මුදල් වංචාවකට වැරදිකාරිය වී තිබෙනවා. මේ හේතුවෙන් ඇයට වසර 14 ක සිරදඬුවමක් නියම වී ඇති බවයි වාර්තා වන්නේ.

බොනිල්ලාගේ සැමියා වන පොර්ෆිරියෝ ලෝබෝ සෝසා 2010 වසරේ සිට 2014 දක්වා හොන්ඩුරාස් ජනාධිපතිවරයා ලෙස කටයුතු කළේය.

අඩු ආදායම්ලාභී දරුවන්ගේ සුබසාධනය සඳහා වෙන්කර තිබූ මුදල් තම ක්‍රෙඩිට් කාඩ්පතේ ගෙවීම් සඳහා මෙන්ම දරුවන්ගේ පාසල් ගාස්තු ඇතුළු වියදම් සඳහා භාවිතා කර තිබෙනවා. මෙම මුදල් ප්‍රමාණය ඇමරිකානු ඩොලර් 590,000 කට සමාන බවයි වාර්තා වන්නේ.

මුදල් වංචා කිරීම හා මුදල් අවභාවිතා කිරීම යන චෝදනා යටතේ ඇයට නඩු පවරා තිබිණි.

මෙම චෝදනා සම්බන්ධයෙන් මීට පෙර සිදුකළ නඩු විභාගයකින් බොනිල්ලාට වසර 58 කට සිරදඬුවමක් නියම කර තිබූ අතර කෙසේ නමුත් එරට ශ්‍රේෂ්ඨාධිකරණය, අදාල නඩු විභාගයේ දුර්වලතා තිබූ බව පවසමින් එම තීන්දුව අත්හිටුවීමට කටයුතු කර තිබිණි.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් අනතුරේද?

රෂිකා හෙන්නායක නොවැම්බර් 12, කොළඹ LNW : 2026 අයවැය මඟින්...

පරිසර අමාත්‍යංශයේ “වනස්පති” වැඩසටහන ඉදිරියට!

රෂිකා හෙන්නායක නොවැම්බර් 12, කොළඹ LNW : පරිසර අමාත්‍යංශයේ “වනස්පති”...

ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ආයතනයනවක විනිසුරු පාඨමාලාව සාර්ථකව පවත්වයි

නිශ්මං රණසිංහ නොවැම්බර් 12, කොළඹ LNW: ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ආයතනය...

ප්‍රසන්න ඇප මත නිදහස්!

කොළඹ LNW:අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගත් හිටපු ඇමති ප්‍රසන්න...